Previous Story
“මධ්‍යම සහ ඌව පළාත් සඳහා වන වෙළඳ සංසදය සහ වෙළෙඳ පොළ 2022” කර්මාන්ත අමාත්ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි!
Posted On 08 Jan 2022
Comment: 0
යුරෝපා සංගමයේ අනුග්රහයෙන් ACTED, Humanity and Inclusion (HI), CEFENET, Human Development Organization (HDO) හා Future In Our Hands Development Fund (FIOH) යන සංවිධාන විසින් සංවිධානය කළ “මධ්යම සහ ඌව පළාත් සඳහා වන වෙළඳ සංසදය සහ වෙළෙඳ පොළ 2022″ සමාරම්භක උළෙල අද(08) මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී වෙළෙඳ ප්රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව වෙළඳ කුටි නරඹමින්අදාළ ව්යසායකයන් සමග ඔවුන්ගේ නිෂ්පාදන කර්මාන්ත පිළිබඳව විමසීමට ද කර්මාන්ත අමාත්යවරයා කටයුතු කළේය.
මෙම අවස්ථාවට රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ, යුරෝපා සංගමයේ නියෝජිත හා ඉහත කී ප්රජා සත්කාරක සංවිධානවල නියෝජිතයෝ ද එක්ව සිටියහ.
මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය
2022-01-08