BREAKING NEWS

වසර 9ක් පුරා ලොව ප්‍රමුඛ සන්නාමයන් සහිත මෝටර් වාහන සඳහා අවශ්‍ය කරන රබර් ආශ්‍රිත අමතර කොටස් දේශීයව නිෂ්පාදනය කරන දේශීය ව්‍යවසායකයෙක් සිය ව්‍යාපාරය පුළුල් කරගැනීම වෙනුවෙන් සහාය බලාපොරොත්තුවෙන් කර්මාන්ත අමාත්‍යවරයා මුණගැසීමෙන් පසු ඔහුට අවශ්‍ය උපරිම සහය ලබාදීමට අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.

ඒකනායක මෝටර් ඉන්ඩ්රස්ට්රීස් නමින් කැස්බෑව ප්රදේශයේ දැනට පවත්වාගෙන යන මෙම ආයතනය මගින් ලොව ප්රමුඛ සන්නාම සහිත මෝටර් වාහන සඳහා යොදා ගන්නා රබර් ආශ්රිත අමතර කොටස් නිෂ්පාදනය කරනු ලබන අතර ඒවාට අධික ඉල්ලුමක් ද පවතින බව එහි හිමිකරු සංජීව ඒකනායක මහතා පවසයි.

දැනට තම නිවසේ යන්ත්ර කිහිපයක් පමණක් යොදා ගනිමින් පවත්වාගෙන යන මෙම ව්යාපාරය ඉල්ලුමට අවශ්ය සැපයුම ලබාදීමට හැකි පරිදි තවදුරටත් පුළුල් කිරීමට අවශ්ය ඉඩ පහසුකම් සලසා ගැනීම, යන්ත්රසුත්ර පහසුකම් සලසා ගැනීම ඇතුළු ගැටළු විසඳා ගනිමින් ඉදිරියට යාමට කර්මාන්ත අමාත්යවරයාගේ සහය ඉල්ලා සිටි අතර අමාත්යවරයා ඒ මොහොතේම ඔහුට අදාළ ආයතන සහ නිලධාරීන් සම්බන්ධ කර දී එම නිෂ්පාදකයාට අවශ්ය උපරිම සහයෝගය ලබාදීමට ඉදිරියේදී සුදානම් බව කියා සිටියේය.

මාධ්ය ඒකකය,කර්මාන්ත අමාත්යාංශය,2022.01.07

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*