BREAKING NEWS

මර නින්දකට යවා තිබූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන යන්ත්‍රය යළි පණ ලබයි!

පැවැති යහපාලන ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා වූ රිෂාඩ් බදියුදීන් කැබිනට් පත්‍රිකාවක් මගින් වසා දැමීමෙන් පමණක් සෑහීමකට පත් නොවී ඈවර කොට, යකඩ ලෙස විකුණා දැමීමට සූදානම් කොට තිබූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන යන්ත්‍රයට පණ දීමට වත්මන් කර්මාන්ත අමාත්‍යවරයා වන විමල් වීරවංශ මහතා සමත්ව තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ජයග්‍රහණයෙන් අනතුරුව ”සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් මෙම කටයුත්ත සිදු කළ බව අද (30) විමල් වීරවංශ මහතා පවසා සිටියේ වාලච්චෙන කඩදාසි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන කඩදාසි නිපදවන යන්ත්‍රය මගින් පරීක්ෂණ මට්ටමින් සිදු කළ “ප්‍රථම කඩදාසි නිෂ්පාදනය” නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

ප්‍රධාන යන්ත්‍රයට පමණක් නොව මෙම දැවැන්ත කඩදාසි කර්මාන්ත ශාලාව හා බැඳුණු වාලච්චේන කඩදාසි නගරයටම යළි පණදීමට නුදුරේදීම විමල් වීරවංශ අමාත්‍යවරයා සමත් වනු නිසැක බව අද තහවුරු කෙරිණි.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*