BREAKING NEWS

මාළිගාවත්ත බෙල්ජියම් රේන්ද නිෂ්පාදන කර්මාන්තශාලා භූමිය කර්මාන්ත අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට…

1993 වසරේ බෙල්ජියම් ආයෝජකයකු විසින් මාළිගාවත්ත ප්රදේශයේ පවත්වාගෙන ගිය මෙම රේන්ද නිෂ්පාදන කර්මාන්තශාලාව මේ වනවිට වසා දමා දීර්ඝ කාලයකි. එතැන් පටන් මෙම කර්මාන්තශාලා භුමිය වල් බිහිවී ගරා වැටී ඇති අතර එහි තිබූ ගොඩනැගිලි සියල්ල කැඩී ගොස් තිබේ. එහි තිබූ යන්ත්රසුත්ර ද මේ වනවිට ගලවාගෙන ගොස් ඇති අතර එම ඉඩම පෙර පැවති කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවට හිමි ඉඩමකි.

වාණිජමය වශයෙන් වටිනා ස්ථානයක පිහිටි මෙම ඉඩම දීර්ඝ කාලයක් වල් බිහිවී ප්රයෝජනයට ගත නොහැකි මට්ටමක තිබෙන බවත් එය සුදුසු කර්මාන්තයක් වෙනුවෙන් භාවිතා කිරීමේ ඇති හැකියාවත් දැනගැනීමට ලැබීමෙන් පසු කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා අද (12) එම ස්ථානය නිරීක්ෂණයට ලක් කළ අතර හැකි ඉක්මනින් සුදුසු කර්මාන්තයක් වෙනුවෙන් එම භුමිය යොදා ගැනීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මාධ්ය ඒකකය
කර්මාන්ත අමාත්යාංශය
2021.07.12
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*