BREAKING NEWS

යෝජනාවක් සම්මත වූ පමණින් එය නීතියක් වෙන්නේ කොහොමද? – විමල් කතානායකගෙන් විමසයි

ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් යම් යෝජනාවක් සම්මත කරගත් පමණින් එය නීතියක් බවට පත්වන්නේ කෙසේදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් අද විමසා සිටියා.

ඒ අද (22) දින පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්ය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ආණ්ඩුව විසින් පසුගියදා සම්මත කරගත් යෝජනාව හේතුවෙන් ඊ.පී.එෆ්. සම්බන්ධ නඩුවිභාග වලදී පාර්ලිමේන්තුවේ සම්මත වූ දෙයක් සම්බන්ධයෙන් නැවත අභියෝග කළ නොහැකි යැයි පවසන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් විමසා සිටියේ යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත වූ පමණින් එවැනි යෝජනාවක් සම්බන්ධ කාරණයකට ශේෂ්ඨාධිකරණයට යෑමට රටවැසියෙකුට අයිතියක් නැතිද යනුවෙනුයි.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*