BREAKING NEWS

“රජයේ මිලදී ගැනීම්වලදී දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛස්ථානය දීම අනිවාර්ය කරන්න” – කර්මාන්ත අමාත්‍යවරයා ජනපතිගෙන් ඉල්ලයි

මේ වන විට ද රජයේ මිලදී ගැනීම් ක්රියාවලියේ දී දේශීය නිෂ්පාදනවලට ප්රමුඛස්ථානය ලැබෙන බව කීවත් එය කඩවන අවස්ථා බොහෝමයක් තිබෙන බවත් එහෙයින් රජයේ මිලදී ගැනීම්වලදී දේශීය නිෂ්පාදනවලට ප්රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය කිරීම අත්යවශ්ය බවත් පෙන්වා දුන් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා, එය කඩිනමින් ඉටුකර දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගෙන් ඉල්ලා සිටියේය.

ඊයේ (15) බත්තරමුල්ල ‘වෝටර්ස් එජ්’ හෝටලයේදී පැවති ‘ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන 2022’ උළෙලෙහි සිය කතාව සිදු කරමින් ඊට ප්රධාන ආරාධිතයා ලෙස එක්ව සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගෙන් ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කර්මාන්ත අමාත්යවරයා මෙසේද සඳහන් කළේය.

“කර්මාන්තකරුවාගේ භූමිකාව තවදුරටත් ඉහළට ඔසවා තබන මේ විශිෂ්ටතමයන් ඇගයීමේ උළෙල අප මේ වගකීම භාරගත් පළමු අවස්ථාවේම ආරම්භ කිරීමට සූදානමින් සිටියත් වසංගත තත්වයන් සමග ගෙවී ගිය වසර දෙක තුළ එය සාර්ථක කරගැනීමට හැකියාව ලැබුණේ නැහැ. අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා මූලිකත්වය ගෙන වැක්සීන්කරණය අනිකුත් දියුණු රටවල් මෙන් අප සමාජය තුළත් වේගවත්ව සිදුකරගෙන යාම නිසා අපි සූදානමින් සිටියා අපට ලැබෙන පළමු අවස්ථාවේදීම මෙම උළෙල පැවැත්වීමට. ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් වසංගතය හේතුවෙන් තවමත් සාමාන්ය වාතාවරණය උදාකරගෙන නැහැ. නමුත් රට හමුවේ කවර ආර්ථික දුෂ්කරතා, අර්බුද තිබුණත් මේ රටේ පොදු ජනතාවගේ සෞඛ්ය පැත්තෙන් තිබෙන අභියෝගය ජය ගැනීම, ආර්ථික අභියෝග ජය ගැනීමේ ප්රධාන කොන්දේසියක් ලෙස ඔබතුමා සලකපු නිසා අද මේ විශිෂ්ටතමයන් ඇගයීමේ උළෙල පැවැත්වීමට අපට හැකියාව ලැබී තිබෙනවා. ඒ නිසා, ඒ පිළිබඳව පළමුව ඔබතුමාටත් සෞඛ්ය අංශවල සහ ඊට සහභාගි වූ ආරක්ෂක අංශවල සියලුදෙනාටත් අපගේ කෘතවේදීත්වය මේ සියලු කර්මාන්තකරුවන් වෙනුවෙන් පුද කිරීමට කැමතියි.

මේ මොහොතේ අපේ රටේ කර්මාන්තකරුවාට එක් පැත්තකින් නව අවස්ථාවක් මෙන්ම, තව පැත්තකින් අභියෝගයක් ද මතුව තිබෙනවා. වසංගත අභියෝගය, රට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය හා රජය ගත්තු යම් යම් ප්රතිපත්තිමය තීරණ විසින් අවස්ථාව සලසා දී තිබෙනවා, අපේ කර්මාන්තකරුවාට නව වෙළඳපොළ අවකාශයන් අත්පත්කර ගැනීමට. ඒ අතරම අභියෝගයක් මතුව තිබෙනවා අප රට මුහුණ දී තිබෙන විදේශීය විනිමය අර්බුදය හේතුකොටගෙන අපේ රටේ කර්මාන්තකරුවාට අවශ්ය ඇතැම් අමුද්රව්ය නිසි පරිදි ආනයනය කර ගැනීමට තිබෙන නොහැකියාව පිළිබඳව. ගතවූ දශක තුනකට වැඩි ඉතිහාසය තුළ අපට තිබෙනවා රුපියල් අයවැයකට අමතරව ඩොලර් අයවැයකුත්. ගත වූ එම ඉතිහාසය තුළ අපේ රටේ මධ්යම පංතික හා ඉහළ මධ්යම පංතික ජීවිත නඩත්තු කරන්න, තිස් අවුරුදු යුද්ධයට අවශ්ය කරන අවිආයුධ ගන්න, එම කාලය තුළ අප පවත්වාගෙන ආපු සංවර්ධන මොඩලය නඩත්තු කරන්න, විශාල ආදායම් වියදම් පරතරයක් සහිතව, ඒ පරතරය පියවීමට තවතවත් ණය ගනිමින් ආපු ගමන කෙළවරට අපි අද ඇවිත් තිබෙනවා. එම කෙළවරට එන ගමන වඩා වේගවත් වී තිබෙනවා, මෙම වසංගතය විසින් අපේ රටේ ජන ජීවිතයට සහ ආර්ථිකයට සිදු කළ බලපෑම නිසා.

දියුණු වෙමින් පවතින රටක් කිව්වාට, අපි සෑහෙන කාලයක් තිස්සේ පවත්වාගෙන ආවේ දියුණු රටක, ජනසමාජයක ජීවන රටාවක් සහ පරිභෝජන රටාවක්. සමස්ත රටවැසියන්ගේ නොවෙයි,

මධ්යම පන්තික සමාජය එලෙසයි පවත්වාගෙන ආවේ. අපි අපට උවමනා විදේශ විනිමය ප්රමාණය විදේශ වෙළෙඳපොළෙන් උපයා ගන්නේ නැතිව, තරඟකාරීව නිෂ්පාදන කටයුතු කරලා ආනයනික වෙළඳපොළෙන් එන අභියෝගය ජයගන්නේ නැතිව ලැබෙන සොච්චම් ඩොලර් ප්රමාණයක් අතේ තියාගෙන ඉදිරියට ආවා. ‘ඩොලර් සියයක්’ නම් අතේ තිබෙන්නේ ‘ඩොලර් දසදහසක්’ වියදම් කරමින් ඉදිරියට ආවා. ඉතිරි ප්රමාණය ණයවලින් හෝ කවර ආකාරයකින් හෝ පියවා ගත්තා. අපි කැමති වුණත් නැතත් අපට අද බලකෙරී තිබෙනවා අපි ආපු සංවර්ධන මොඩලය ගැන ආපසු හැරී බලන්න. අපි පවත්වාගෙන ආවේ වෙළදාමට බර ආර්ථික මොඩලයක් මිස කර්මාන්තකරණයට බර වූ ආර්ථික මොඩලයක් නොවෙයි. මේ රටේ නිපදවන නිෂ්පාදනයක් විකුණනවාට වඩා පිටරටක නිපදවන නිෂ්පාදනයක් ගෙනැවිත් පාරිභෝගික අවශ්යතාව සම්පූර්ණ කිරීම තමයි නියම දේ, කියා සිතන ගමනක් අපි ආවේ. ඒ නිසා අපේ කර්මාන්තකරුවා අධෛර්යයට පත් වුණා.

‘අපට උචිත මොඩලයක්’

රාජ්ය මිලදී ගැනීම්වලදී පවා වැඩි උනන්දුවක් දක්වන්නෙ පිටරටින් ගෙනෙන නිෂ්පාදනයක් මගින් තමන්ගේ අවශ්යතාව සපුරා ගන්න. මම නිදසුනක් පවසන්නම්. ජල සම්පාදන මණ්ඩලයට අවශ්ය ඇතැම් උපාංග මෙතෙක් කලක් ගෙන්වා ඇත්තේ චීනයෙන් හෝ වෙනත් රටකින්. ඩොලර් ප්රශ්නය නිසා ඉතිහාසයේ පළමු වතාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට එම උපාංග නිෂ්පාදනය කර දීමේ කටයුත්ත ඔවුන් භාර දී තිබෙනවා. එහෙම හොඳ පැතිත් දැකගත හැකියි. කෙසේ වුවත් බැරි මරගාතේ ඒ මොඩලය තවදුරටත් නඩත්තු කරනවා ද, එහෙම නැත්නම් අපට උචිත මොඩලයකට මාරුවෙනවා ද, කියන තැනට අපි අද පැමිණ තිබෙනවා.

වෙළඳාමට බර වූ, අපට ඔරොත්තු නොදෙන නාගරීකරණයට බර වූ ගමන වෙනුවට අපට අපේ නිෂ්පාදනය බලගන්වන, පොදුවේ මහජනතාව තුළ නිෂ්පාදන සංස්කෘතියක් බලගන්වන ආර්ථික මොඩලයකට වහා මාරුවීමට බලකෙරී තිබෙනවා. ඒ බලකිරීම තමයි වෙනත් ආකාරයකින් අද පෙන්වන්නේ. යථාර්ථය විසින් බලකරන දේ තේරුම් ගෙන ඊට අනුකූලව වෙනස් වීමට අපට හැකි විය යුතුයි.

‘යථාර්ථය තේරුම් ගනිමින්…’

මම මගේ ජීවිතයේ පළමු වතාවට අද දුටුවා මුහුණු ආවරණයක් සහිතව නර්තනයේ යෙදෙන නර්තන ශිල්පිනියන්. නර්තනයක් නැරඹීමේදී නර්තන ශිල්පියාගේ මුහුණේ හැඟීම් විඳිය යුතුම දෙයක්. නමුත් අද ඔවුනට සිදුව තිබෙනවා යථාර්ථයට එකඟව තමන්ගේ මුහුණෙන් මතු කරන හැඟීම් ප්රේක්ෂකයාට විඳින්න තිබෙන ඉඩකඩ ගැන නොතකා එම සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශය පිළිපැදීමට. එසේම අද අපටත් බල කෙරෙනවා යථාර්ථය තේරුම් ගනිමින්, මහජනයා සමඟ පුළුල් සම්මුතියක් ඇතිකර ගෙන, පවතින තත්වය අභිබවාලීම සඳහා සූදානම් වෙන්න. ඒ පණිවිඩය තමයි අපිට දිනපතා විවිධාකාරයෙන් ලැබෙමින් පවතින්නේ.

‘කර්මාන්තකරණයේ වෛරසය…’

අතිගරු ජනාධිපතිතුමනි, අද අධෛර්යයට පත් වෙනවා නම්, කලකිරීමට පත් වෙනවා නම්, අත්හරිනවා නම් ඊට හේතු දහසක් තිබියදී, ඒ කිසිවකින් සැලෙන්නේ නැතිව, ඒ හැම අභියෝගයකටම උපේක්ෂාවෙන් මුහුණදෙමින්, හැකි පමණ කර්මාන්තකරණයේ සංස්කෘතිය, කර්මාන්තකරණයේ වෛරසය රටපුරා පතුරවන්නේ මෙතැන සිටින ක්ෂුද්ර, කුඩා, මධ්යම හා මහා පරිමාණ කියන සියලු පරිමාණයන්හි මේ රටේ කර්මාන්ත ක්ෂේත්රයේ විශිෂ්ටයන්. අද අපට මේ අභියෝග මැද්දේ සතුටු වෙන්න පුළුවන්, අප වාහන එකලස් කිරීමේ කර්මාන්තයට සම්මත මෙහෙයුම් පටිපාටිය හඳුන්වා දුන්නාට පසුව එම කර්මාන්තයේ නියැලී සිටි සමාගම් සංඛ්යාව 03 සිට 12ක් 13ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ දේශීය අගය එකතු කිරීම වැඩි වන විට මෙරට වාහන උපාංග නිෂ්පාදන කර්මාන්තය ද ඊට සමගාමීව ප්රවර්ධනය වෙමින් තිබෙනවා. ලංකාවේ ටයිල් වෙළඳපොළේ වැඩිම කොටස තබාගෙන සිටි ‘පුවක්අරඹ ව්යාපාරය’ ටයිල් පිටරටින් ගෙන්වීම නතර කිරීමේ තීරණය සමඟ, ඔවුන් ටයිල් පිටරටින් ගෙන්වලා විකිණීමෙන් ලැබූ සම්පූර්ණ ධනය යොදවා මේ රට තුළ ටයිල් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් අගලවත්ත ප්රදේශයේ ඉදිකිරීමට පියවර ගනු ලැබුවා. ටයිල් කර්මාන්තය කියන්නේ අමුද්රව්ය අවශ්යතාවයෙන් 80%ක් දේශීයව සපුරා ගන්න පුළුවන් කර්මාන්තයක්. එවැනි තත්ත්වයක් තිබියදී රට තුළ ටයිල් නිපදවන්නේ නැතිව පිටරට නිෂ්පාදකයාට ඉඩදී අපි බලා සිටිනවා නම් එය අනුවණකමක්. ඒ වගේම අපි ගත්තු ලෝහ අබලි ද්රව්ය පිටරට යැවීම නතර කිරීමේ තීරණය සමග මේ රටේ ලෝහ ආශ්රිත කර්මාන්තයන්හි නිරත වී සිටින පිරිසට අවශ්ය අමුද්රව්ය ලැබුණා. අද ඒ වාත්තු කර්මාන්තයේ සැලකිය යුතු ප්රබෝධයක් ඇතිව තිබෙනවා.

‘ජනපතිගෙන් ඉල්ලීමක්’

අතිගරු ජනාධිපතිතුමනි, මම මේ රටේ කර්මාන්ත විෂය භාර අමාත්යවරයා ලෙස ඔබතුමාගෙන් එක දෙයක් ඉල්ලනවා. අපේ රටේ රජයේ මිලදී ගැනීමේ ක්රියාවලියේදී ප්රමුඛත්වය ලැබෙන්නේ දේශීය නිෂ්පාදකයාට බව කීවත් එය කඩවන අවස්ථා බොහෝමයක් තිබෙනවා. ලංකාවේ ‘වැඩිම මිලදීගන්නා’ රජය, සෙසු අය මිලදී ගන්නේ ඊට වඩා අඩු ප්රතිශතයක්. ‘වැඩිම මිලදීගන්නා වූ රජය’ දේශීය නිෂ්පාදනයට ප්රමුඛස්ථානය දීම අනිවාර්ය කිරීම අත්යවශ්ය වෙනවා. එහෙම වුණොත් පමණයි අපේ රටේ රෝහල්වල ඇඳන් ටික දේශීයව නිෂ්පාදනය වෙන්නේ, රජයේ ආයතනවලට අවශ්ය බොහෝ දේවල් දේශීය වශයෙන් නිපදවීමට අවස්ථාව ලැබෙන්නේ. පිටරටවල දේවල් ගෙනැවිත් ‘මේවා තමයි හොඳම’ කියමින් ඉන් ආස්වාදයක් විඳිමින් කාලය ගතකරන්න මේ ආර්ථික යථාර්ථය විසින් අපට ඉඩ දී නැහැ. විශේෂයෙන් රජයේ මිලදී ගැනීම්වලදී දේශීය නිෂ්පාදකයා එම ටෙන්ඩර්වලට පැමිණ සිටිනවා නම් ඔවුනට වැඩිපුර ලකුණු කිහිපයක් දීමෙන් පමණක් නතර වීමට අපිට බැහැ. ඒ නිසා රජයේ මිලදී ගැනීම්වලදී දේශීය නිෂ්පාදනයට ප්රමුඛතාව දීම ඉතාමත් අත්යවශ්ය වන බව යළි අවධාරණය කරනවා. එසේ කිරීමෙන් අපේ දේශීය කර්මාන්තකරුවා ඉතා ප්රබල විශ්වාසයකින් යුතුව නැගීසිටීවි.

‘දැහැමි දානපතියාගේ භූමිකාව’

කොවිඩ් අර්බුදය හමුවේ අපේ ඇතැම් කර්මාන්තකරුවන්හට කර්මාන්තශාලා වසා දැමීමට සිදුවුණා. එහිදී තම සේවකයන් නෙරපා හරින්නේ නැතිව, ඒ සේවකයන් ද රැකබලා ගනිමින්, බුදුදහමේ උගන්වන ‘දැහැමි දානපතියාගේ භූමිකාව’ ප්රායෝගිකව ඉටු කිරීමට ඔවුන් සමත් වුණා. අපි රජයේ සේවකයන්ට රුපියල් 5000කින් වැටුප් වැඩි කරන විට පසුගිය කාලයේ තම කර්මාන්ත හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන යාමට හැකි වූ ඇතැම් කර්මාන්තකරුවන් තම සේවකයන්ට රුපියල් 10,000කින් වැටුප් වැඩි කළ අවස්ථාවන් ද තිබෙනවා. කෙසේ වුවත් මේ ඉන්නේ ධාර්මික කර්මාන්තකරුවෙක්, ඒ වගේම තමන්ගේ ‘තරඟකාරී අනෙකාව’ වට්ටලා ‘මම විතරක් පවතින්න ඕනේ’ කියලා හිතන කෙනෙක් නෙවෙයි. ඒ නිසා අපට ඕනෑවටත් වඩා පුළුවන්කම තිබෙනවා හරියට සැලසුම් හදාගෙන ඉලක්ක සපුරා ගන්න.

‘ස්වදේශික ජන අභිලාෂයන්…’

මම මේක ඔබතුමාට පෞද්ගලිකවත් පැවසුවා. අපේ නිදහස් දින සැමරුමට පැමිණි, නවදිල්ලියේ සිට අපේ රට ආවරණය කරන බොහෝ තානාපතිවරුන් ජාතික කර්මාන්ත ප්රදර්ශනය ද නැරඹීමට පැමිණියා. ඒ අය ලංකාවේ මෙහෙම කර්මාන්ත ප්රදර්ශනයක් තිබේ යැයි විශ්වාස කරලා එය නැරඹීමට ආපු අය නොවෙයි. ප්රදර්ශනය නැරඹීමෙන් පසු ඔවුන්ගේ ආකල්ප වෙනස් වුණා. ඒ නිසා මේ රටේ කර්මාන්ත පුනරුදයක් ඇති කිරීමේ අභියෝගය අපට ජය ගැනීමට පුළුවන්. අපි ඒ සඳහා වන මාවත හරියටම නිර්මාණය කරගත යුතුයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ රටේ ජනාධිපති ධුරයට පත්වන්නේ ‘ස්වදේශික ජන අභිලාෂයන්ගේ එකතුවක්’ විදිහට. ‘ස්වදේශික ජන අභිලාෂය’ කියන එක ඉතා පළල් හැඟීමක් විදිහට පෙනුනාට එහි ඇතුළෙ තිබෙන්නේ සරල කතාවක්. ඒක ඇතුළෙ තිබෙන්නේ ‘අපේකම, අපේ අනන්යතාව, අපේ උරුමය කියන මේ අපේ සියලු දේ රැකගත්තු ගමනක් යන්නේ’ කියන ජනවරමක්. ඒ ජනවරමට අනුකූලව අපි යන ගමනේදී අපේ කර්මාන්තකරණය අපේ දෑතින් ඔසවා තැබීමේ අත්යවශ්යතාව තිබෙනවා. අපි එය හැකිතාක් කරමින් සිටිනවා. ඒ සඳහා කැපවෙනවා. එම විෂය මා වෙත පවරමින් ඔබතුමන් මා වෙත තැබූ විශ්වාසය බිඳකුදු කඩනොවන ආකාරයට අපි කටයුතු කරනවා. මම හිතනවා අපිට යන්න තව බොහෝ දුරක් තිබෙනවා, කියා. දේශීය කර්මාන්තකරුවා ඒකට මුළුමනින්ම සූදානම් කියන විශ්වාසය අපට තිබෙනවා. ‘ඔබත් රජයත් අපි සියලුදෙනා එක්ව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගය මේ රටේ කර්මාන්තකරණයේ විශිෂ්ටතම යුගය බවට පත්කිරීමට එක්වෙමු! කැපවෙමු! ඒ සඳහා සූදානම් වෙමු!’ කියන ආරාධනය කරනවා.”

මෙහිදී දිවයිනේ විශිෂ්ටතම කුඩා පරිමාණ නිෂ්පාදන කර්මාන්තය ලෙස ඒෂියන් චිල් ඉක්විප්මන්ට්ස් ආයතනයත්, දිවයිනේ විශිෂ්ටතම මධ්ය පරිමාණ නිෂ්පාදන කර්මාන්තය ලෙස උදය ඉන්ඩස්ට්රීස් ආයතනයන් හා දිවයිනේ විශිෂ්ටතම මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්තය ලෙස ප්රීලන් එන්ටර්ප්රයිසස් ආයතනයත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් මෙම සම්මාන උළෙලේ ඉහළතම සම්මානය වන ‘ප්ලැටිනම් සම්මානයෙන්’ පිදුම් ලැබූහ.

එසේම,

1. ඇසුරුම් හා ආශ්රිත කර්මාන්ත

2. සැකසුම් ආහාර, සහල් හා ආශ්රිත කර්මාන්ත

3. කුළුබඩු හා ආශ්රිත කර්මාන්ත

4. කොහු හා කෙඳි ආශ්රිත කර්මාන්ත

5. තේ,අගය එකතු කළ තේ, පාන වර්ග ආශ්රිත කර්මාන්ත

6. පාවහන්, සම්, සම් නිෂ්පාදන හා ආශ්රිත කර්මාන්ත

7. රබර්, ප්ලාස්ටික් හා ආශ්රිත කර්මාන්ත

8. ලෝහ ඩයි හා අච්චු, යන්ත්රෝපකරණ උපාංග හා ආශ්රිත කර්මාන්ත

9. දැව, දැව ආශ්රිත කර්මාන්ත හා ගෘහ භාණ්ඩ කර්මාන්ත

10. මෝටර් රථ එකලස් කිරීම, මෝටර් රථ උපාංග හා ආශ්රිත කර්මාන්ත

11. විදුලි,ඉලෙක්ට්රොනික් උපාංග ආශ්රිත කර්මාන්ත

12. බටහිර සහ දේශීය ඖෂධ හා ආශ්රිත කර්මාන්ත

13. ග්රැනයිට්, ටයිල්, මැටි, පිඟන් මැටි හා ගොඩනැගිලි ද්රව්ය ආශ්රිත කර්මාන්ත

14. බෝට්ටු සහ උපාංග හා ධීවර ආම්පන්න ආශ්රිත කර්මාන්ත

15. තීන්ත, රසායනික ද්රව්ය, මුද්රණ ද්රව්ය හා ආශ්රිත කර්මාන්ත

16. රූපලාවණ්ය ආලේපන හා ආශ්රිත කර්මාන්ත

17. ස්වර්ණාභරණ, මැණික් හා ආශ්රිත කර්මාන්ත

18. කිරි හා ආශ්රිත කර්මාන්ත

19. ඛනිජ ද්රව්ය හා ආශ්රිත කර්මාන්ත

20. ඇඟලුම්, රෙදිපිළි හා ආශ්රිත කර්මාන්ත

යන ප්රධාන කර්මාන්ත ක්ෂේත්ර 20ට අදාළව මහා පරිමාණ/මධ්ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත අංශයෙන්, ස්වර්ණ සම්මාන 20ක්, රජත සම්මාන 20ක් හා ලෝකඩ සම්මාන 20ක් ද පිරිනැමිණි.

තවද ප්රධාන කර්මාන්ත ක්ෂේත්ර 20ට අදාළව කුඩා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත අංශයෙන් ද ස්වර්ණ සම්මාන 20ක්, රජත සම්මාන 20ක් හා ලෝකඩ සම්මාන 20ක් ප්රදානය කෙරිණි. ක්ෂුද්ර පරිමාණ නිෂ්පාදන කර්මාන්ත අංශයෙන්, ජාතික මට්ටමින් ස්වර්ණ සම්මානයක්, රජත සම්මානයක් හා ලෝකඩ සම්මානයක් ද පිරිනැමීමට පියවර ගෙන තිබිණි.

මෙම ‘ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන 2022’ උළෙලේදී ඉහත මහා පරිමාණ/මධ්ය පරිමාණ, කුඩා පරිමාණ හා ක්ෂුද්ර පරිමාණ අංශ තුන යටතේ මෙරට කර්මාන්තකරුවාගේ භූමිකාව ඇගයීමට අමතරව මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය දිරිගන්වනු වස් එම ක්ෂේත්රයේ නිෂ්පාදකයෝ 18ක් සහ රාජ්ය අංශයේ නිෂ්පාදන කර්මාන්ත දිරිගන්වනු වස් රාජ්ය සමාගම් 03ක් ද සිය නිෂ්පාදන ජාත්යන්තරයට ගෙන ගිය හඳුන්කූරු නිෂ්පාදකයෝ දෙදෙනෙක් ද විශේෂ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබූහ.

ඒ අනුව ‘ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන 2022’ උළෙලේදී මෙරට කර්මාන්ත ක්ෂේත්රයේ විශිෂ්ටයෝ සියල්ලම රටට අගය එකතු කිරීමේ සිය ප්රශස්ත භූමිකාව වෙනුවෙන් සම්මානයට පාත්ර වූහ.

මෙහිදී කර්මාන්ත අමාත්යාංශයේ ලේකම්, විශ්රාමික ජනරාල් දයා රත්නායක, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු අදහස් දැක්වූහ.

ශ්රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනිය ඇතුළු රාජතාන්ත්රික නිලධාරීහු හා සම්භාවනීය ආරාධිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්ය ලේකම්
කර්මාන්ත අමාත්යාංශය
2022.02.16
May be an image of 1 person, standing and text that says "EST TRI"
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*