BREAKING NEWS

” රටට පණ දෙන විමල් : කොළඹ 19 ” ජය තහවුරු කළ කෝට්ටේ විද්වත් වෘත්තික හමුව !

ජාතික නිදහස් පෙරමුණේ නායක, ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්ය විමල් වීරවංශ මහතාගේ කොළඹ දිස්ත්රික් මැතිවරණ මෙහෙයුම යටතේ පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් එක් ජනහමුවක් ඊයේ (10) නාවල, කොස්වත්ත ඔපියුලන්ට් උත්සව ශාලාවේදී පැවැත්විණි .

විද්වත් වෘත්තිකයන් පිරිසකගේ ද සහභාගීත්වයෙන් පැවති මෙම ජනහමුවට හෝමාගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපති, රුවන් ප්රබෝධ පීරිස්, ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටි අතර එය ජානිපෙ කෝට්ටේ ආසන සංවිධායක නුවන් ප්රෙංග,කෝට්ටේ ආසන ලේකම් නුවන් සමීර යන මහත්වරු සමග එක්ව වරලත් ගණකාධිකාරි සමීර සියඹලාපේ යන මහත්වරු විසින් සංවිධානය කොට තිබිණි.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*