BREAKING NEWS

“ලංකාපැක්” (LANKAPACK) ඇසුරුම්කරණ වෙළඳ ප්‍රදර්ශනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සුරතින් විවෘත කෙරේ…

කර්මාන්ත අමාත්යාංශයේ අනුග්රහය යටතේ ශ්රී ලංකා ඇසුරුම්කරණ ආයතනය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ලංකාපැක් ප්රදර්ශනය’ සෞඛ්ය අමාත්යාංශ මාර්ගෝපදේශ අනුව යමින් අද (12) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදී කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ සුරතින් විවෘත කෙරිණි.

මෙම ‘ලංකාපැක්’ ප්රදර්ශනයේ අරමුණ’ මෙරට ඇසුරුම්කරණ කර්මාන්තයට නව තාක්ෂණික දැනුම, වෙළඳපොළ අවස්ථා නිර්මාණය කරදීම ඇතුළු එම කර්මාන්තයේ ප්රවර්ධනයට සක්රීය දායකතත්වයක් සැපයීම ය ඇසුරුම්කරණ ආයතන සහ ඇසුරුම්කරණ අවශ්යතා ඇති කර්මාන්තකරුවන් එකිනෙකා අතර සබඳතාව ඇති කිරීමට මෙම ප්රදර්ශනය ඉවහල් වේ. ‘මේඩ් ඉන් ශ්රී ලංකා’ සන්නාමය හඳුන්වාදෙමින් දේශීය නිෂ්පාදන කර්මාන්ත දිරිගැන්වීමට කටයුතු කර ඇති මේ මොහොතේ ඇතැම් ‘මේඩ් ඉන් ශ්රී ලංකා’ නිෂ්පාදන මෙරට වෙළඳපොළ පමණක් නොව ජාත්යන්තර වෙළෙඳපොළ ද ජය ගත හැකි මට්ටමක් අත්පත් කරගනිමින් සිටින බැවින් ඇසුරුම්කරණ කර්මාන්තයේ නියැලෙන පිරිස්වලට ඉහත නිෂ්පාදනවලට ජාත්යන්තර ප්රමිතියෙන් යුත් ඇසුරුම් නිර්මාණය කිරීමේ අවශ්යතාව පැන නැගී තිබේ. ඒ සඳහා මෙවැනි ජාත්යන්තර මට්ටමේ ප්රදර්ශනයක් තුළින් අවස්ථාව සැලසෙනු ඇත.

වෙළඳ කුටි 100කට ආසන්න සංඛ්යාවකින් සමන්විත “ලංකාපැක්” ප්රදර්ශනය 2021 පෙබරවාරි 12,13,14 තෙදින තුළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදී පැවැත්වේ.

මෙම ප්රදර්ශනයට සමගාමීව දේශීය නිෂ්පාදන වෙළඳ ප්රදර්ශනයක් ද එම පරිශ්රයේදී පැවැත්වේ, එය සංචාරක අමාත්ය ප්රසන්න රණතුංග මැතිතුමා අතින් විවෘත කෙරිණි. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාංශයේ අතිරේක ලේකම් එස්.එල් නසීර්, කර්මාන්ත අමාත්යාංශයේ සහ ශ්රී ලංකා ඇසුරුම්කරණආයතනයේ නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*