Previous Story
ලුණු පිටරටින් ගෙන්වීමට තිත තබන්න ඇමති විමල් පියවර ගනී…
Posted On 25 Jan 2020
Comment: 0
ශ්‍රී ලංකාවේ ලුණු කර්මාන්තය ප්‍රවර්ධනය කොට පරිභෝජනය සදහා අවශ්‍ය ලුණු ප්‍රමාණය මෙරට තුළම නිපදවීමට කටයුතු කරන බවත්, ඒ සදහා මාන්තායි සෝල්ට් සමාගම සතු අලිමංකඩ ලුණු ලේවාය යොදා ගන්නා බවත් කර්මාන්ත සහ සැපයුම් කළමානකරණ අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.
(17.01.2020) අලිමංකඩ ලුණු ලේවා පරිශ්‍රයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසුව ඒ මහතා මෙසේ පැවසීය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ රංජිත්, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.




