BREAKING NEWS

ලොක්ඩවුන් ප්‍රදේශ නිරීක්ෂණයට හමුදාවෙන් ඩ්‍රෝන කැමරා යොදා ගනියි! අනුග්‍රහය CameraLK ආයතනයෙන්

ශ්‍රී ලංකා යුද හමුදාවේ පරිහරණය පිණිස අද (15) සවස අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේ දී CameraLK ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ඩ්‍රෝන කැමරා ප්‍රදානයක් සිදු කරනු ලැබීය. මෙම අවස්ථාවට ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ද එක්ව සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හා පැවති සාකච්ඡාවකදී කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමේ දී වසා දැමුනු ප්‍රදේශ (lockdown areas) නිරීක්ෂණය සදහා යුද හමුදාව ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ බවත් ඒ අනුව මෙරට කීර්තිමත් තරුණ ව්‍යවසායකයකු වන CameraLK ආයතනයේ අධිපති අනුෂ්ක ගුණසිංහ මහතා⁣ගෙන් ඒ සදහා මැදිහත් වෙන ලෙස තමන් කළ ඉල්ලීම අනුව මෙම ඩ්‍රෝන කැමරා ප්‍රදානය සිදු වූ බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එසේම අද මෙම කැමරා ප්‍රදානයෙන් පසුව පැවති සාකච්ඡාවක දී යුද හමුදාපතිතුමන්, ඉදිරියේදී යුද හමුදාව තුළ ඩ්‍රෝන රෙජිමේන්තුවක් ආරම්භ කිරීම පිළිබදව කරුණු ඉදිරිපත් කළ බවත් ඒ අනුව එම කටයුතු සදහා පහසුකම් සැපයීමට තම ආයතනය බාරගත් බවත් මෙම ඩ්‍රෝන කැමරා ප්‍රදානය සිදු කළ අනුෂ්ක ගුණසිංහ මහතා සදහන් කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2020/04/15

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*