වාර්තා පොත් අලුත් කළ ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමට විමල්ගෙන් සුබ පැතුම්!!
ඊයේ (06) දින සත්කාරක එංගලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායම සමඟ පැවැති තුන්වන සහ අවසන් ක්රිකට් T20 තරගය ජයගෙන එංගලන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදී තරගාවලි ජයක් ලැබූ ලොව සිව්වන කණ්ඩායම බවට පත්වූ ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමට ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් සුබ පැතුම් එක් කළා.
පහතින් දැක්වෙන්නේ එම සුබ පැතුම් පණිවිඩයයි.
“පළමු වරට එංගලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායමට එරෙහිව T20 තරගාවලියක් ජයග්රහණය කරමින්, එංගලන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදී තරගාවලි ජයක් අත්කරගත් ලොව සිව්වන කණ්ඩායම බවට පත්වෙමින් වාර්තා පොත් අලුත් කල ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමට හෘදයාංගම සුබ පැතුම්..!
– විමල් වීරවංශ ”