BREAKING NEWS

වැල්ලම්පිටිය පුණ්‍යග්‍රාම බහුකාර්ය ගොඩනැගිල්ල ඇමති විමල්ගේ සුරතින් විවෘත වෙයි!

බුද්ධ ශාසන අමාත්යාංශය දීපව්යාප්තව ක්රියාත්මක කරනු ලබන ග්රාමීය ජනතාවගේ සාරධර්ම ප්රවර්ධනය ඉලක්ක කරගත් පුණ්යග්රාම ව්යාපෘතිය යටතේ වැල්ලම්පිටිය, මීතොටමුල්ල සිරි විපුල භික්ෂු විවේකාරාමයේ ඉදිකළ පුණ්යග්රාම බහුකාර්ය ගොඩනැගිල්ල අද(17) ජානිපෙ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.

මේ සඳහා බුද්ධ ශාසන අමාත්යාංශයෙහි ප්රතිපාදන හා විමල් වීරවංශ අමාත්යවරයාගේ පාර්ලිමේන්තු මන්ත්රී විමධ්යගත අරමුදල් යොදවා ඇත. මෙම බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට බුද්ධ ශාසන අමාත්යාංශයේ ව්යාපෘති අධ්යක්ෂිකා චම්පිකා කනේරු, කොළඹ දිස්ත්රික් ලේකම් ප්රදීප් යසරත්න, කොලොන්නාව නගර සභා බල ප්රදේශයේ සංවිධායක ප්රියංකර පලිහක්කාර යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

මාධ්ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ
2021-11-17
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*