BREAKING NEWS

විදුලි හා විද්‍යුත් උපකරණ අංශයේ කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කෙරේ…

විදුලි හා විද්යුත් උපකරණ අංශයේ කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කිරීම සහ ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් විදුලි හා විද්යුත් උපකරණ නිෂ්පාදකයින් සහ අමතර කොටස් නිෂ්පාදකයින් සහ අපනයනකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (21) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශයේදී පැවැත්විණි.

විදුලි හා විද්යුත් උපකරණ ක්ෂේත්රය මුහුණපා ඇති ගැටළු පිළිබදව නිෂ්පාදකයින් මෙහිදී අමාත්යවරයාගේ අවධානය යොමු කරන ලදි. ඔවුන් අමතමින් අමාත්යවරයා කියා සිටියේ ඔවුන්ට ඉදිරියට යෑමට ඇති බාධක හදුනා ගනිමින් ඒවා විසදා ගැනීම සදහා අවශ්ය සහයෝගය ලබාදීමට අමාත්යංශය සුදානම් බවයි. මෙහිදී ක්ෂේත්රයට අදාළ නෛතිකමය සහ තාක්ෂණික ගැටළු පිළිබදව අවධානය යොමු කෙරුණු අතර වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා කියා සිටියේ අපනයනකරුවා දිරි ගන්වන බදු ප්රතිපත්තියක් අවශ්යව ඇති අතර ඒ වෙනුවෙන් තමන් මුලිකත්වයගෙන කටයුතු කිරීමට සුදානම් බවයි. දේශීය අපනයකරුවන්ට අපනයනන් සදහා අවශ්ය වන ජාත්යන්තර සහතික ලබා ගැනීම සදහා සහය ලබාදෙන ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ සදහා හැකි උපරිම ආකාරයෙන් අමාත්යංශයේ මැදිහත්වීම ලබාදෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. දේශීය විශ්ව විද්යාල සමහ එක්වෙමින් තාක්ෂණික සහය ලබා ගැනීමේ වැදගත්කමත් අමාත්යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ අතිරේක ලේකම් එස්.එල් නසීර්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අමාත්ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ඇතුළු නිලධාරින් පිරිසක් ද එක්ව සිටිය හ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*