BREAKING NEWS

“විදේශ රටවලින් ගෙනා ටයිල් අලෙවියේ ප්‍රමුඛයා වූවාසේ පුවක්අරඹ සමූහ ව්‍යාපාරයට, මෙරට අමුද්‍රව්‍යවලින් ටයිල් නිපදවා තව වසර කිහිපයකින් මෙරට ටයිල් වෙළඳපොලේ ප්‍රමුඛයා වීමේ හැකියාව පවතිනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

විදේශ රටවලින් ගෙනා ටයිල් අලෙවියේ ප්රමුඛයා වූවා සේ පුවක්අරඹ සමූහ ව්යාපාරයට, ටයිල් ආනයනය නවතා ඇති මේ මොහොතේ ඔවුන් අරඹන ලද ටයිල් නිෂ්පාදන කර්මාන්තය මගින් මෙරට ටයිල් වෙළඳපොළේ ප්රමුඛයා වීමේ හැකියාව පවතින බව කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (16) බදුරලිය ප්රදේශයේ පිහිටි පුවක්අරඹ සමූහ ව්යාපාරයට අයත් ටයිල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීමේ උත්සවයේ ප්රධාන ආරාධිත දෙසුම පවත්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“මගේ මතකය අනුව මීට වසරකට පමණ ඉහතදී මෙම පුවක්අරඹ සමූහ ව්යාපාරයේ අධිපතිතුමන් සහ එතුමන්ගේ පුතණුවන් මා හමුවීමට අමාත්යාංශයට පැමිණි අවස්ථාවේ ඔවුන්ගේ මුහුණුවල තිබුණේ එතරම් සතුටක් නොවේ. එතුමන්ලාගේ ටයිල් බෙදාහැරීමේ ජාලයේ සේවයේ නියුතු සේවකයන් එකසිය හැට ගණනකගේ සේවය තවදුරටත් පවත්වාගෙන යාම දුෂ්කර වීම ඒ කනස්සල්ලට හේතු වුණා. ඒ වගේම ටයිල් ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය දිගටම පවත්වාගෙන යයි ද, කියන දෙගිඩියාවත් එතුමන්ලා තුළ තිබුණා. ඒ වගේම එම ප්රතිපත්තිය දිගටම ක්රියාත්මක වනවා නම් ටයිල් පිටරටින් ගෙනල්ලා බෙදාහැරීම වෙනුවට මේ රට ඇතුළේ ටයිල් නිපදවීමට තමන්ගේ තිබෙන සූදානමත් ඔවුන් එහිදී ප්රකාශයට පත් කර සිටියා.

‘හොඳම උත්තරේ පුවක්අරඹින්…’

කර්මාන්ත අමාත්යවරයා ලෙස ඒ මොහොතේ මේ රට තුළ ටයිල් නිපදවීම සඳහා අවශ්ය පියවර ගැනීමට එතුමන්ලා උනන්දු කිරීමටත් ඒ සඳහා අවශ්ය සෑම සහයෝගයක්ම ලබා දෙන බව ප්රකාශ කර දිරිගැන්වීමටත් අප කටයුතු කළා. එතැනින් නොනැවතී ඒ කාර්යයෙහි දුෂ්කරතා මතු වන අවස්ථාවන්හිදී මගේ උපදේශක සුනිල් හෙට්ටිආරච්චි මැතිතුමා ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කරනු ලැබුවා. ‘රජයක ප්රතිපත්ති අනුව කුමක්ද වන්නේ?’ කියන එක තේරුම් ගැනීමට මේක හොඳ නිදසුනක්. රජයක සමහර ප්රතිපත්තිමය තීරණයන් කෙටිකාලීන දුෂ්කරතා ඇති කරලා වුවත් ඒ රටේ දීර්ඝකාලීන ප්රගතියට ඉවහල් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් අපේ රටේ මුදල් ඒකකයට අවප්රමාණවීමේ පීඩනයක් ආපු වෙලාවේ එක්තරා ප්රතිපත්තිමය තීරණයක් ගත්තා ටයිල්, යානවාහන වැනි දේවල් රට තුළට ඒම වැළැක්වීමට. මේ රටේ තිබුණේ ඉතා සීමිත ටයිල් නිෂ්පාදන කර්මාන්ත ශාලා ප්රමාණයක්. ඔවුන්ට විශාල නිෂ්පාදන ධාරිතාවක් එකවර සපුරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ නිසා අපේ රටේ ඉදිකිරීම් කර්මාන්තයටත් යම් යම් දුෂ්කරතා ඇති වුණා. ඒ දුෂ්කරතා අභිබවීමට ඇති හොඳම උත්තරයට තමයි මේ පුවක්අරඹ සමූහ ව්යාපාරයේ අධිපති ලක්සිරි පීරිස් මැතිතුමන් අද අවතීර්ණ වී තිබෙන්නේ.

‘අපේ රටේ ටයිල්’

වෙන රටක නිෂ්පාදනය කළ ටයිල් මේ රටට ගෙනැවිත් බෙදාහරින විට, අලෙවි කරන විට හිටියේ සේවකයන් එකසිය හැට නම් මේ රට ඇතුළේ කර්මාන්ත ශාලාව ඉදි කරලා, ටයිල් හදලා වෙළඳපොළට යන විට එතුමාට තුන්හාරසීයක පිරිසක් ඍජුව පෝෂණය කිරීමට ලැබේවි. අනෙක් අතින් අපට අපේ රටේ නිෂ්පාදනය කළ ටයිල් පරිභෝජනය කිරීමේ වාසනාව උදා වෙනවා. මේ රටේ දැනට ටයිල් කර්මාන්ත ශාලා නමින් කිහිපයක් තිබුණාට, ඒවායේ අයිතිකරුවන් ඉතා සීමිත පිරිසක් සිටින්නේ. මෙම කර්මාන්තයට තවතවත් අය ඉදිරිපත් වීම මගින් තමයි දේශීය වශයෙන් තරගකාරීත්වය වර්ධනය කරන්න පුළුවන් වෙන්නේ. දේශීය වශයෙන් තරගකාරීත්වය වර්ධනය කිරීමෙන් තමයි, පාරිභෝගිකයාට ගුණාත්මක තත්ත්වයෙන් උසස්, ඒ වගේම මිලෙන් සැලකිය යුතු ලෙස අඩු හොඳ නිෂ්පාදනයක් මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඉතාමත් දුෂ්කර කාලපරිච්ඡේදයක වුවත් අපි ගමන් කරමින් සිටින්නේ ඒ දිසාවට. පුවක්අරඹ සමූහ ව්යාපාරය පිටරටින් ටයිල් ගෙනැවිත් බෙදාහැරලා ඒ අතින් අංක එකේ ව්යාපාරය වුණා වගේම, මේ කර්මාන්ත ශාලාව ඉදි කරලා මේ රටේ අමුද්රව්යවලින් නිපදවනු ලබන දේශීය ටයිල්, අපේ රට තුළ පමණක් නොවෙයි වෙනත් රටවල වෙළෙඳපොළ පවා ජය ගත හැකි තත්වයට පත් වේවි’ කියන විශ්වාසය අපට තිබෙනවා.

‘සූත්රය කනපිට හැරිලා’

අපි අද මේ මුල්ගල් තබනු ලැබුවේ තව වසර කීපයකින් ලංකාවේ ටයිල් වෙළඳපොළේ අංක එක බවට පත්වීමට පුළුවන් කර්මාන්තයටයි කියන අභිමානවත් සතුට, ඒ ප්රාර්ථනාව, ඒ විශ්වාසය අප තුළ ඉතා තදින්ම තිබෙනවා. මේක තමයි අපේ ව්යාපාරිකයා රැගෙන යා යුතු මාවත. එක කාලයක් තිබුණා, ‘පිටරටින් ගෙනෙන දේ තමයි හොඳ – පිටරටින් ගෙනෙන දේ තමයි මිල අඩු’ කියන. දැන් ඒ සූත්රය සම්පූර්ණයෙන්ම කනපිට හැරිලා ඉවරයි. අද කොවිඩ් වසංගතයත් සමඟ ලෝකයේ නිෂ්පාදන ක්රියාවලියේ සැලකිය යුතු බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ වගේම ඇතැම් නිෂ්පාදන සඳහා අවශ්ය ආනයනික අමුද්රව්ය සපයා ගන්න බැරිවෙලා තිබෙනවා. ආනයනික අමුද්රව්යවල මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම සැපයුම් මාර්ගවල ඇති වී තිබෙන බිඳවැටීම නිසා සේවාවන්වල මිලත් එකට,

3 – 5 අතර ඉහළ ගොස් තිබෙනවා. පිටරටින් ගෙනෙන දේවල්වල මිල, මේ රට තුළට එනවිට වෙනදාට වඩා කිහිප ගුණයක් වැඩියි. ඒ නිසා දේශීය ව්යාපාරිකයාට බල කෙරෙනවා කර්මාන්තකරුවකු බවට පත්වීමට.

ඒ තත්කාලීනව මතු වන යම් යම් ඓතිහාසික පරිවර්තනයන් දැකලා ඊට අනුරූපව වෙනස් වෙන්න බැරි නම් අපි කාටවත් ඉස්සරහට යන්න බැහැ. එහෙම අනුවර්තනය වීමට බැරි ජීවීන් මේ මිහිතලයෙන් වඳ වී ගියේ ඒ නිසයි. පුවක්අරඹ සමූහ ව්යාපාරයේ අධිපති ලක්සිරි පීරිස් මැතිතුමන් අද මේ ඔප්පු කොට පෙන්වන්නේ, ‘ඇතිවන තත්කාලීන වෙනසට සාපේක්ෂව තමන්ගේ ව්යාපාරික ක්රියාන්විතයේ සිදු කළ යුතු අනිවාර්ය වෙනස සිදු කරන්න ධෛර්යය තියන, තීරණ ගන්න පැකිලෙන්නේ නැති, ඒ අනුව ක්රියාත්මක වෙන්න නොපසුබටව උනන්දු වෙන කෙනෙක්’ කියලයි එහෙම දානපතීන්, ව්යවසායකයන් තමයි කර්මාන්තකරුවෝ හැටියට මේ බිමේ අනාගතය සරසන්න සිටින්නේ.

මෙමගින් අපේ දරුවන්ට නව රැකියා අවස්ථාවන්, නව තාක්ෂණික දැනුම, ඒ වගේම අපේ රටින් එළියට යන මහා ධනයක් මේ රට තුළ ඉතිරි කරගැනීමට පුළුවන් වෙනවා. පුවක්අරඹ සමූහ ව්යාපාරය ටයිල් වෙළඳාමේ පෙන්වපු හපන්කම් දිහා බැලුවාම මේ කර්මාන්ත ශාලාව තුළ නිපදවෙන ටයිල්වලට වෙනත් රටවල වෙළඳපළවල් පවා ජය ගැනීමට හැකි වේවි, කියන විශ්වාසය අපට තිබෙනවා. මේ කර්මාන්තය අපේ රටින් පිටට ඇදිලා යන ඩොලර් ඉතිරි කරන කර්මාන්තයක් වගේම මේ රටට ඩොලර් රැගෙන එන්න පුළුවන් කර්මාන්තයක්. මේ ආකාරයේ අර්ථපතියන් , ව්යවසායකයන්, දානපතීන් වැඩි වැඩියෙන් ලක් මාතාව ඉල්ලා සිටින යුගයක් තමයි අපි පසු කරන්නේ. ඒ නිසා මෙම කර්මාන්තයේ ඉදිරියට ගෙන යාම සඳහා ඕනෑම මොහොතක අවශ්ය වන රාජ්ය අනුග්රහය නිර්ලෝභීව ලබාදීමට අප ඇපකැප වන බවට සහතික වෙනවා”

මෙම අවස්ථාවට රාජ්ය අමාත්ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න, පුවක්අරඹ සමූහ ව්යාපාරයේ සභාපති ලක්සිරි පීරිස් යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය
2021.12.16
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*