BREAKING NEWS

විමල් කර්මාන්ත ඇමැතිවරයා ලෙස හඳුන්වාදුන් තවත් ව්‍යාපෘතියක් අද සාර්ථක ප්‍රතිඵල ලබයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එවකට කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් 2021 මාර්තු 15 වන දින හඳුන්වා දුන් ‘ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම’ පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය (Standard Operating Procedures – SOP)  අද වන විට සාර්ථක ප්‍රථිපල ලබමින් සිටිනවා.

ඒ පිළිබදව, ඒ මහතා එවූ සම්පූර්ණ පණිවිඩය පහතින් දැක්වේ.

මා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස 2021 මාර්තු 15 වන දින හඳුන්වා දුන් ‘ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම’ පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය (Standard Operating Procedures – SOP) අද සාර්ථක ප්‍රථිපල ලබමින් සිටියි…

2021 වසරේ වාහන ආනයනය නවතා ඇති මොහොතක ඊට කඩිනම් දේශීය විකල්පයක් කෙරෙහි අවධානය යොමු කරමින් කර්මාන්ත අමාත්‍යාංශය මගින් සැකසූ ‘ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම’ පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියට (Standard Operating Procedures) කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අපට හැකිවිය. ඉන්පසු 2021 මාර්තු 15 වන දින සම්මත මෙහෙයුම් පටිපාටිය එළිදැක්වීම සිදුකිරීමට අපට හැකියාව ලැබිණි. එදා මේ සම්මත මෙහෙයුම් පටිපාටිය එළිදැක්වීම වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සුවිශාල පෙරළියකට මග පාදන්නක් බව එදා මා විසින් එදා කරන ලද ප්‍රකාශය සනාථ කරමින් අද වනවිට එහි සාර්ථක ප්‍රථිපල ලබමින් සිටියි.

ඒ අනුව දේශීයව වාහන එකලස් කිරිම සදහා වු සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP-Stranded Operating Procedure) යටතේ අබාන්ස් ඔටෝ සමාගම සහ කොරියාවේ හුන්ඩායි මෝටර් සමාගම අතර සහයෝගීතාවයෙන් Hyundai Grand i10 මෝටර් රථයත්, දේශීයව 35%ක අගය එකතු කිරීමක් සහිතව එකලස් වූ SENARO GN 125 මෝටර් සයිකලයත් දේශීය ආර්ථිකය නැවත නගා සිටුවිමට සවියක් වෙමින්,දේශීය ව්‍යවසායකත්වයට නව ජවයක් එකතු කරමින්, නව රැකියා අවස්ථා බිහිකර, තවත් දේශීය උපාංග නිෂ්පාදකයින් හට ව්‍යාපාර අවස්ථාවන් ද උදාකරමින් පසුගියදා මෙරටදී හදුන්වාදී ඇත.

මා කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් කර්මාන්ත අමාත්‍යාංශය සමග එක්ව එදා සම්මත මෙහෙයුම් පටිපාටිය හඳුන්වාදීම නිසා මෙරටට විවර වූ මෙම නව වෙළදපොළ මෙරට වාහන එකලස් කර්මාන්ත ක්ෂේත්‍රයේ ස්වර්ණමය අවස්ථාවක් වනු ඇත. එදා අභියෝග රැසක් මැද ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීමට හැකිවන ලෙස සම්මත මෙහෙයුම් පටිපාටිය (Standard Operating Procedures – SOP) හඳූන්වාදීමට හැකිවීම පිළිබදව සහ අද එමගින් රටට ප්‍රතිලාභ අත්වෙනු දැකීම පිළිබදව මා නිහතමානිව ආඩම්බර වන අතර මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම වෙනුවෙන් වෙහෙස වූ සියලුදෙනාට එහි ස්තුතිය පුදකර සිටිමි.

සම්මත මෙහෙයුම් පටිපාටියට (SOP) කැබිනට් අනුමැතිය ලැබීම –
https://rb.gy/otei1g

සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) එළිදැක්වීම –
https://rb.gy/zalyle

https://rb.gy/szcekq

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*