BREAKING NEWS

වෙළදපොළේ හිඟව ඇති වාහන ටයර් වර්ග කිහිපයක් කඩිනමින් නිෂ්පාදනයට උපදෙස්…

මේ වනවිට වෙළදපොළේ හිඟව ඇති වාහන ටයර් වර්ග කිහිපයක් කඩිනමින් නිෂ්පාදනය කර පාරිභෝගිකයාට ලබාදීමට අවශ්ය කටයුතු සිදු කිරීම වෙනුවෙන් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ කැදවීමෙන් මෙරට ටයර් සමාගම් සියල්ල සහ අමාත්යවරයා අතර විශේෂ සාකච්ජාවක් අද (19) කර්මාන්ත අමාත්යාංශයේදී පැවැත්විණි.

මෙරට පාරිභෝගිකයන් සදහා අවශ්යව ඇති විශේෂ ටයර් කාණ්ඩ කිහිපයකම වෙළදපොළේ පවතින හිඟය පිළිබද අධ්යනයකින් පසු ටයර් සමාගම් සියල්ල සමඟ ඒ පිළිබද සාකච්ජා කොට ඉක්මන් විසදුම් සෙවීමේ අරමුණින් මෙම සාකච්ජාව කැඳවූ බව අමාත්යවරයා කියා සිටියේය. අදාළ ටයර් කාණ්ඩ එකින් එක ගෙන සාකච්ජා කළ අතර ඒවා කඩිනමින් නිපදිවීමට කටයුතු කරන ලෙස අමාත්යවරයා පැමිණ සිටි සමාගම් වෙත උපදෙස් ලබා දුන්නේය. දින කිහිපයක් තුල අධ්යනයකොට දැනට වෙළදපොළේ නොමැති ටයර් වර්ග හැකි ඉක්මනින් නිෂ්පාදනය කොට වෙළදපොලට මුදා හරින ලෙස අමාත්යවරයා වැඩිදුරටත් කියා සිටියේය. මෙරට ටයර් නිෂ්පාදන කර්මාන්තය සදහා අවශ්ය රබර් සීමිත වීම පිළිබදවත් මෙහිදී සාකච්ජා කෙරුණු අතර වැවිලි කර්මාන්ත අමාත්යාංශය සමග එක්ව ඉදිරියේදී ඒ වෙනුවෙන් වැඩ පිළිවෙලක් සකසන ලෙස අමාත්යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාශයේ ලේකම් අනුෂ පැල්පිට, කර්මාන්ත අමාත්යාශයේ අතිරේක ලේකම් එස්.ඒල් නසීර්, අමාත්ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, රබර් පර්යේෂණ ආයතනයේ නිලධාරින්, ටයර් නිෂ්පාදනය කරණු ලබන සමාගම් වල නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී විය.

#WimalWeerawansha #MinistryofIndustries

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*