BREAKING NEWS

ශ්‍රී ලංකා චීන තානාපති සබඳකමේ 65 වන සංවත්සර සැමරුමට ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන් එක් වෙයි!

ශ්රී ලංකාවේ චීන තානාපති සම්බන්ධතාවයේ 65 වන වසර සැමරීම ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂය මැතිතුමාගේ ප්රධානත්වයෙන් සියලු පක්ෂ නායකයන් සහ තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙන් අද(17) සවස කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

මෙම අභිමානවත් සැමරුම් උළෙලට ජාතික නිදහස් පෙරමුණ ද ඇරයුම් ලබා සිටි අතර පක්ෂ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා එහිදී සැමරුම් දේශනයක් ද සිදු කරන ලදී. මෙම සැමරුම් උළෙල 65 වන ශ්රී ලංකා චීන තානාපති සම්බන්ධතා සැමරුම් කමිටුව විසින් සංවිධානය කර තිබිණි.

මාධ්ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ,
2022-02-17
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*