BREAKING NEWS

ශිල්ප Thursday : ජාතික හස්ත කර්මාන්ත නිෂ්පාදන අලෙවිපොළ විවෘත වෙයි

කර්මාන්ත අමාත්‍යාංශයේ මඟපෙන්වීම අනුව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරනු ලබන ජාතික හස්ත කර්මාන්ත අලෙවි නිෂ්පාදන අලෙවිපොළ : ‘ශිල්ප Thursday’ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(16) දියත උයනේදී විවෘත විය.

මෙම අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යන මහත්වරු සහභාගී වූහ. විවෘත කිරීමෙන් අනතුරුව සෑම බ්‍රහස්පතින්දා දිනයකම ‘ශිල්ප Thursday’ පෙ.ව 8.30 සිට ප.ව 8.30 දක්වා බත්තරමුල්ල දියත උයනේ දී පැවැත්වීමට නියමිතය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව යමින් සම්ප්‍රදායික හා සම්ප්‍රදායික නොවන අත්කම් නිර්මාණකරුවන්ගේ නිෂ්පාදන මෙම අලෙවිපොළ තුළ දී අලෙවිකර ගැනීමට අවස්ථාව සලසා ඇත. මෙහි දී නිෂ්පාදකයා විසින්ම මෙම නිර්මාණ අලෙවිකර ගැනීම සිදුකරනු ලබන බැවින් පාරිභෝගිකයා හට සාධාරණ මිලකට නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ මාලදිවයිනේ මහ කොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක් මැතිතුමා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එම්. ඒ. බී. වී බණ්ඩාරනායක, ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති අජිත් ජයවර්ධන යන මහත්වරු ද එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
කර්මාන්ත අමාත්‍යාංශය
2020-09-16

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*