BREAKING NEWS

සාටක පහේ නාටක පහෙන් මේ රට කම්මුතු කළා

පසුගිය පාලන සමයේදී වරිග සභාවේ සාටකයින් පස් දෙනෙක් ඇමැති මණ්ඩලයේ සිටිමින් නාටක පහක් රඟ දැක්වීමෙන් ජනතා අපේක්ෂාවන් බිඳී ගිය බවත් එම නාටකම රට දරුණු ආර්ථික අර්බුදයක් කරා තල්ලු කර දැමීමට හේතු වූ බවත් පා.ම. විමල් වීරවංශ පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ නිදහස් ජනතා සන්ධානය පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සහ වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් සහ සාමාජික පක්ෂවල ක්‍රියාකාරීන් දැනුම්වත් කිරිමේ ජන හමු මාලාවේ මොණරාගල දිස්ත්‍රික් ජනහමුවේදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*