BREAKING NEWS

සාෆි වෛද්‍යවරයාගේ ගර්භාෂ යුද්ධයේ ගොදුරු බවට පත් වූ මව්වරුන්ට සාධාරණට ඉටු කරන්න රාජිතගේ කමිටුවලට බැහැ. රෝහල් කාර්ය මණ්ඩලය ද නියෝජනය වන ස්වාධීන කමිටුවක් වහා පිහිටුවන්න!

සාෆි වෛද්‍යවරයාගේ ගර්භාෂ යුද්ධයේ ගොදුරු බවට පත් වූ මව්වරුන්ට සාධාරණට ඉටු කරන්න රාජිතගේ කමිටුවලට බැහැ. රෝහල් කාර්ය මණ්ඩලය ද නියෝජනය වන ස්වාධීන කමිටුවක් වහා පිහිටුවන්න!

– විමල් ජනපතිගෙන් ඉල්ලයි

කුරුණෑගල රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සාෆි සහබ්දීන් එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ අපෙක්ෂකයකු වගේම එහි සිරිකොත මූලස්ථානයේ නඩත්තු කිරීමට මුදල් ලබාදෙන අයකු හෙයන් එජාප ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ කමිටුවලින් සිදුවන්නේ ඉහත වෛද්‍යවරයාට සුදුහුණු ගෑම පමණක් බවත් මේ ‘සාෆිගේ ගර්භාෂ යුද්ධයේ’ ගොදුරු බවට පත් වූ මව්වරුන්ට යම් හෝ සාධාරණයක් ඉටු කළ හැක්කේ රෝහල් කාර්ය මණ්ඩලය ද නියෝජනය වන ලෙස ජනාධිපතිවරයා පිහිටුවනු ලබන ස්වාධීන කමිටුවකින් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද (01) කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ වෛද්‍ය සාෆි සහබ්දීන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණ සිටි මව්වරුන් ද සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව රෝහල් පරිශ්‍රයේ සිටි මාධ්‍යවේදීන් අමතා විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

ඉහත වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්තම්වලට භාජනය කරන ලද මව්වරුන් 300ක් පමණ පැමිණිලි කර ඇත්තේ එකම කරුන බවත් එනම් තමන් හට සිදු කරන ලද සැත්කමින් පසු දරු ඵල අහිමි වූ බවත් යැයි පැවසූ විමල් වීරවංශ මහතා මෙය මේ රටේ ඉපදීමට සිටි රත්තරන් දරු පැටව් ටිකක් මරා දැමීමක් නොවේදැයි විමසා සිටියේය.

සාෆි වෛද්‍යවරයා සිදුකර ඇත්තේ ‘ගර්භාෂ යුද්ධයක් බවත්, සිංහල මව්වරුන් පමණක් ඉලක්කකර ගෙන සිදුකරන ලද හෙයින් එය ‘ජනවාර්ගික සංහාරයක්’ ලෙසද හැඳින්විය හැකි බවත් වීරවංශ මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර, ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල, කුරුණෑගල දිස්ත්‍රික් නායක කැලුම් ජයසුමන යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*