BREAKING NEWS

‘සෙලාන් කැදැල්ල Construction Expo – 2021’ වෙළද ප්‍රදර්ශනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සුරතින් විවෘත කෙරේ…

නිවාස ඉදිරිකිරීම් ක්ෂේත්රයට අදාළ භාණ්ඩ හා සේවා සපයන වෙළද ආයතන 100කට වැඩි පිරිසකගේ වෙළද කුටිවලින් සමන්විත ‘සෙලාන් කැදැල්ල Construction Expo – 2021’ වෙළද ප්රදර්ශනය අද (26) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ හා වේවැල්, පිත්තල, මැටි, ලි බඩු සහ ග්රාමීය කර්මාන්ත ප්රවර්ධන රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මැතිතුමන්ගේ සුරතින් බණ්ඩාරනයක සම්මන්ත්රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්රයේදී විවෘත කෙරිණි.

Asia Exhibitions & Conventions ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද මෙම වෙළද ප්රදර්ශනය ඉදිකිරීම් ක්ෂේත්රයට අදාළ දේශීය ව්යවසායකයන්ට ඔවුන්ගේ භාණ්ඩ හා සේවා හදුන්වාදීමටත් පාරිභෝගිකයන්ට එකම තැනකින් ඔවුන්ට අවශ්ය භාණ්ඩ මිලදී ගැනීමටත් අවස්ථාව හිමිවන වෙළද ප්රදර්ශනයකි. ඊට සමගාමිව ‘සෙලාන් Colombo Lifestyle Fair 2021’ ප්රදර්ශනය ද අමාත්යවරු දෙපළ අතින් විවෘත කෙරිණි. මෙම වෙළද ප්රදර්ශනය මාර්තු 26/27/28 තෙදින පුරා පැවැත්වේ.

කර්මාන්ත අමාත්යාංශයේ සහ වේවැල් පිත්තල මැටි ලි බඩු සහ ග්රාමීය කර්මාන්ත ප්රවර්ධන රාජ්ය අමාත්යාංශයේ මැදිහත් වීමෙන් දේශීය වේවැල්, මැටි සහ පිත්තල ආශ්රිත නිර්මාණශීලි ව්යවසායකයන්ට ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට මෙම වෙළද ප්රදර්ශනයේ වෙළද කුටි කිහිපයක්ම ලබාදී තිබීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට වේවැල් පිත්තල මැටි ලි බඩු සහ ග්රාමීය කර්මාන්ත ප්රවර්ධන රාජ්ය අමාත්යාංශයේ ලේකම් අමල් හර්ෂ ද සිල්වා, Asia Exhibitions & Conventions ආයතනයේ කළමනාකරණ අධ්යක්ෂ ටිරෝන් චන්ද්රසේකර, ප්රවීණ රංගන ශිල්පී සාරංග දිසාසේකර සහ අනුග්රාහක වෙළද ආයතන නියෝජනය කරමින් මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාධ්ය ඒකකය
කර්මාන්ත අමාත්යාංශය,
2021-03-26
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*