BREAKING NEWS

හරිමඟ : පශ්චාත් කොවිඞ් – 19 නැගිටීම සඳහා දොළොස් වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශය මල්වතු මහා නාහිමි වෙත පිළිගන්වති…

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයෙන් මෙවර මැතිවරණයට තරඟ වදින අපේක්ෂක පිරිස ”69 ලක්ෂයේ අපේක්ෂාව ඉටු කරන ජනපතිඳුන්ගේ අපේක්ෂාව සපල කරන ‘හරිමඟ’ පශ්චාත් කොවිඞ් – 19 නැගිටීම සඳහා “දොළොස් වැදෑරුම් උපායමාර්ගික ප්‍රවේශය” නම් වූ තම පක්ෂයේ විශේෂ නියෝජිත සමුළුවේ දී එළිදක්වන ලද කෘතිය අද (02) මල්වතු මහා විහාරයේදී ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමි වෙත පිළිගන්වා ආශිර්වාද ලබා ගත්හ. මේ ඊට අදාළ සේයා රූ සටහන්ය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,
2020.07.02

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*