Previous Story
ළදරු නිෂ්පාදන සඳහා පිටරටට ඇදී යන මුදල් නවතන්න ඇමති විමල් මැදිහත් වෙයි
Posted On 06 Feb 2020
Comment: 0
ආනයනික ළදරු හා ගර්භණී මව්වරුන් සඳහා වූ නිෂ්පාදනවලට විකල්පයක් ලෙස එම නිෂ්පාදන මෙරටදීම සිදු කරන එරංග දීපාල් මහතාට එම කර්මාන්තය වඩාත් පුළුල් ලෙස සිදු කරගෙන යාමට ඉඩකඩ සලසා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ.
පිටරටවලට ළදරු නිෂ්පාදන සඳහා විශාල වශයෙන් ඇදී යන විදේශ විනිමය ප්‍රමාණයක් මෙවැනි කර්මාන්තයක් ප්‍රවර්ධනය මඟින් රට තුළ ඉතිරි කර ගැනීමට හැකි වන හෙයින් ඉහත තරුණ කර්මාන්තකරුවාට පූර්ණ සහයෝගය ලබා දීම සිය අමාත්‍යාංශයේ කාර්යභාරය බව අමාත්‍යවරයා පවසයි.
ගර්භණී මව්වරුන්ගේ බෑග්, බ්ලැන්කට්, කොට් ෂීට්, ළදරු හිස් ආරක්ෂක කොට්ට, ළදරුවන් රැගෙන යාම සඳහා භාවිතා කරන ළදරු කරත්ත ආදිය එරංග දීපාල් මහතා දැනට 102, පොතුවිල් පාර, මොනරාගල යන ලිපිනයෙහි පිහිටි තම කර්මාන්ත ශාලාවේදී නිපදවනු ලබයි. එම ව්‍යවසායකයාට මෙම කර්මාන්තය පුළුල් කර ගැනීමට ණය පහසුකම් ලබා දීමටත් වැලිඔය කර්මාන්තපුරයෙන් නව කර්මාන්ත ශාලාවක් ඉදිකර ගැනීම සඳහා ඉඩකඩ නිර්මාණය කර දීමටත් ඇමතිවරයා මෙහිදී අදාළ අංශ දැනුම්වත් කළේය.


