BREAKING NEWS

සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීමේ ක්‍රියාවලියෙන් පසු ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකයින් ඇතුළු සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරන නිර්මාණකරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර සාකච්ඡාවක් අද (07) කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවත්විණි.

සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීමේ ක්රියාවලියෙන් පසු ගතයුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ප්රවීණ චිත්රපට අධ්යක්ෂකවරුන්, නිෂ්පාදකයින් ඇතුළු සිනමා ක්ෂේත්රය නියෝජනය කරන නිර්මාණකරුවන් සහ කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා අතර සාකච්ඡාවක් අද (07) කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්යාංශයේදී පැවත්විණි.

වසර 75ක ලාංකීය සිනමා වංශ කතාවේ ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කරමින් සහ දීර්ඝ කාලයක් පුරා සිනමා ක්ෂේත්ර ගණනාවක් නියෝජනය කරමින් පොදු ඉල්ලීමක් ලෙස ඉල්ලා සිටි සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමේ ක්රියාවලියට මැදිහත්වෙමින් දැක්වූ සහයෝගයට කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාට හෘදයාංගම ස්තුතිය පුදකරන බව පැමිණි සිටි සියලුදෙනා කියා සිටියහ.

සිනමා කර්මාන්ත ක්ෂේත්රයේ දැනට පවතින ගැටළු, යෝජනා සහ ඉදිරියට ගතයුතු ක්රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කරන ලදී. සිනමා කර්මාන්තය ප්රවර්ධනය සහ නියාමනය සඳහා නියාමන අධිකාරියක අවශ්යතාව, ජාත්යන්තර සිනමාව තරණය කිරීම සඳහා අවශ්ය පහසුකම් ලබාදීම ඇතුළු යෝජනා සහ අදහස් මෙහිදී වැඩිදුරටත් සාකජ්ජා කෙරිණි

සිනමා කර්මාන්තය වෙනුවෙන් ඉදිරියේදී අවශ්ය සියලු සහයෝගය ලබාදීමට කර්මාන්ත අමාත්යවරයා වශයෙන් තමන් සුදානම් බව පැවසූ විමල් වීරවංශ මහතා, සිනමා කර්මාන්ත ක්ෂේත්රයේ ගැටළුවලට විසදුම් ලබාදෙමින් ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් අවශ්ය කටයුතු සිදුකිරීමට සිනමා කර්මාන්ත ක්ෂේත්රයට අදාළව අමාත්යාංශ උපදේශක සභාවක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ප්රවීණ රංගන ශිල්පී උද්දික ප්රේමරත්න, ප්රවීණ චිත්රපට අධ්යක්ෂකවරු සහ නිෂ්පාදකවරු වන ජැක්සන් ඇන්තනී, සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, අශෝක හඳගම, උදයකාන්ත වර්ණසූරිය, නිලේන්ද්ර දේශප්රිය, මහේෂ් මුණසිංහ, ජයරත්න ගලගෙදර, ප්රවීන් ජයරත්න, රසිත ජිනසේන, තුෂාර රංගන යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

මාධ්ය ඒකකයකර්මාන්ත අමාත්යාංශය2021.12.07

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*