BREAKING NEWS

69 ලක්ෂයේ අපේක්ෂාව ඉටු කරන ජනපතිඳුන්ගේ අධිෂ්ඨානය සඵල කරන ‘හරි මග’ : පශ්චාත් කොවිඩ් 19 නැගිටීම සඳහා දොළොස් වැදෑරුම් ‘උපාය මාර්ගික ප්‍රවේශය කෘතිය’ ජනගත වෙයි.

ජාතක නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (25) දින කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණගාරයේ දී විශේෂ නියෝජිත සමුළුවක් කැඳවා “හරිමග : පශ්චාත් කොවිඩ් -19 නැගිටීම සඳහා දොළොස් වැදෑරුම් ‘උපාය මාර්ගික ප්‍රවේශය” කෘතිය ජනගත කළේය.

එහි දී මෙවර මහ මැතිවරණයට තරඟ වදින ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයෝ 12 දෙනා මීට පෙර මහා සංඝරත්නය ඉදිරිපිට දණ නමා විමල් වීරවංශයන් ලබාදුන් ‘එකුන්විසි ප්‍රතිඥාව හෙවත් හෘද සාක්ෂිය සමාජ සම්මුතිය’ට තමන් ද එකඟ වන බවට ප්‍රතිඥා ලබා දුන්හ.

මෙම අවස්ථාවේ දී වේදිකාවේ අසුන් ගෙන සිටි කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් වීරවංශ, කළුතර දිස්ත්‍රික් අපේක්ෂක ජයන්ත සමරවීර, ගම්පහ දිස්ත්‍රික් දිස්ත්‍රික් අපේක්ෂක ලලන්ත ගුණසේකර, හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක ජයන්ත වන්නිආරච්චි, බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක රෝහිත තිලකරත්න, රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ගාමිණී වලේබොඩ, පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක ජගත් ප්‍රියංකර, වන්නි දිස්ත්‍රික් අපේක්ෂක කර්නල් රත්නප්‍රිය බන්දු, මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂක උදයශාන්ත ගුණසේකර, අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක උද්දික ප්‍රේමජයන්ත, මාතර දිස්ත්‍රික් අපේක්ෂක නිරෝෂන් ප්‍රේමරත්න යන මහත්වරු නැගී සිට දෑත් ඔසවා එම ප්‍රතිඥාව කියවා ඊට එකඟ බව සපථ කළහ.

මෙම ජනතා නියෝජිත සමුළුව අමතා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමි, සාහිත්‍යසූරි ආචාර්ය ගුණදාස අමරසේකර හා ජානිපෙ නායක විමල් වීරවංශ යන මහත්වරු ද අදහස් දැක්වූහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*