BREAKING NEWS

” 8 : කඩුවෙල පුවත් වීමසාවෙන්’ පත්තරයකට වඩා වැඩි යමක් සිදු වේවි” – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

“8: කඩුවෙල පුවත් වීමසාව’ නමැති පත්තරයෙන්, පත්තරේකට වඩා වැඩියමක් සිදුවනු ඇති බවත් එසේ සිදුවනු ඇත්තේ එමගින් නගර සභාවේ කාර්යයන් වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් ප්රදේශයේ ජීවත්වන ජනතාවගේ ද නිර්මාණයන්ට හා අදහස් යෝජනාවලට එහි ඉඩකඩක් වෙන්ව ඇති නිසා බවත් ජානිපෙ නායක අමාත්ය විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.

කඩුවෙල මහ නගර සභාව විසින් ප්රකාශයට පත් කරනු ලබන ‘8: කඩුවෙල පුවත් වීමසාව’ එළිදැක්වීමේ උත්සවයට ප්රධාන ආරාධිතයා ලෙස එක් වූ ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්යවරයා මෙසේද සඳහන් කළේය.

” මෙම පුවත්පත එළිදැක්වීමේ අවස්ථාවට ප්රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට ලැබීම පිළිබඳව මා සතුටු වන්නේ අමාත්යවරයකු ලෙස නොවෙයි, විකල්ප පුවත්පත් කලාවේ නිරත වූවකු ලෙසයි. ලක්මිණ පුවත්පතින් පටන් ගෙන ලක්දිව හා හිරු පුවත්පත් දක්වා පුවත්පත් කලාවේදියෙකු ලෙස කටයුතු කළ මා ඉතාමත් සතුටු වෙනවා කඩුවෙල නගරාධිපති තුමන් හා නාගරික කොමසාරිස්තුමන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙවැනි සන්නිවේදන මෙහෙවරක් ඉටු කිරීම සඳහා පුරෝගාමී වීම පිළිබඳව. පසුගිය කාලේ කඩුවෙල මහ නගර සභාව බස්නාහිර පළාතේ හොඳම පළාත් පාලන ආයතනය බවට පත් වන්නේ ඔබ සියලු දෙනාගේ කැපවීම මතයි.

‘ කුණු ගැන කුණු කුණු නොගාන නගර සභාවක්’

කඩුවෙල මහ නගර සභා බල ප්රදේශය තුළ එකතු වන කිසිම කුණුගොඩක් කිසිම තැනක ගොඩ ගහන්නේ නැහැ. මේ නගර සභාව කුණු ගැන කුණු – කුණු ගාන්නේ නැහැ. කුණු නිසා කුණු වෙන නගර සභා තිබෙන රටක, මේ නගර සභාව ඊට හාත්පසින්ම වෙනස් ගමනක් යමින් තිබෙනවා. බොහෝ නගර සභා කුණු ‘ඉල්ලමක්’ කරගත්තු ඒවායි. බුද්ධික ජයවිලාල් නගරාධිපතිතුමන් බලයට පත් වීමට පෙර මෙම නගර සභාවත් කුණු ‘ඉල්ලමක්’ බවට පත්කර ගැනීමට සූදානම් වූ එකක්. ඒ තත්ත්වය වෙනස් කරලා, එක පැත්තකින් කසළ ප්රතිචක්රීයකරණ වැඩපිළිවෙළක් සහ අනෙක් පැත්තෙන් පොහොර නිෂ්පාදනය කරන වැඩපිළිවෙළක් සකස් කරමින් කුණු පිළිබඳව කරදර නොවී ඉදිරියට යාමට බුද්ධික ජයවිලාල් නගරාධිපතිතුමා ඇතුළු මේ පිරිසට හැකිව තිබෙනවා.

‘ සුනිල් මාධව ප්රේමතිලකයන්’

ඔහු නගරාධිපති ධුරයට පත් වූ මුල් යුගයේදීම මම බුද්ධික ජයවිලාල් මැතිතුමන්ට යෝජනා කළා ‘කඩුවෙල නගර සභාවේ සද්කාර්යයන් මේ බල ප්රදේශයේ ජනතාවට සන්නිවේදනය කිරීමට පුවත්පතක් ආරම්භ කරමු!’ කියා. ඒ කටයුත්ත ඉටු වී තිබීම පිළිබඳව ද කෘතවේදීත්වය පළ කරනවා. මම මෙතැනට පැමිණියාට පසු බුද්ධික ජයවිලාල් නගරාධිපතිතුමන්ට කියා සිටියේ ‘ මේ අවස්ථාවට ප්රධාන ආරාධිතයා ලෙස ප්රවීණ මාධ්යවේදී සුනිල් මාධව ප්රේමතිලකයන් කැඳවා ගෙන ඒමට තිබුණා’ කියායි. ජ්යේෂ්ඨතම හා ප්රවීණතම මාධ්යවේදියකු වන සුනිල් මාධව ප්රේමතිලකයන් මෙම බල ප්රදේශය තුළ ජීවත් වන්නෙක්. තම පෑන අවංකව ජනතා අරමුණු වෙනුවෙන් යෙදවූ එවැන්නකු මේ බල ප්රදේශයේ ජීවත් වීම ප්රදේශයට ගෞරවය එකතු කරන්නක්. ‘8 වැනි පිටුව’ වැනි අලුත් යෙදුම් පුවත්පත් කලාවට එකතු කළේත් එතුමායි. පිටුවේ ඉලක්කම මගින් එම පිටුව හැඳින්වීම එතුමා නිර්මාණය කළ දෙයක්.

‘8 වැනි පිටුව’

මම මුලින්ම පුවත්පතකට සම්බන්ධ වුණේ චිත්ර ශිල්පියෙකු ලෙස කාටුන් සහ කවිවලට චිත්ර ඇඳීමටයි. ‘8 වැනි පිටුව’ යන යෙදුම අඳින්නත් මට තමයි සුනිල් මාධවයන් බාර දුන්නේ. නමුත් මම එය ඇන්දේ ‘ 8 වෙනි පිටුව’ ලෙසයි. එය වැරදි බවත් නිවැරදි සිංහල යෙදුම ‘වෙනි’ නොව ‘වැනි’ බවත් ඔහු එදා කියා දුන්නා. මෙය සමග මට සිහිපත් වන්නේ එක්තරා ජාතික නාලිකාවක විකාශය වන ජනප්රිය ටෙලි නාට්යයක නමයි ‘දෙවෙනි ඉනිම’ ලෙස එය සඳහන් වෙනවා. එය සිංහල බස වැරදියට ජනගත කිරීමක්. ‘ දෙවැනි’ ලෙස නිවැරදි විය යුතු වුවත් එය වන්නේ නැහැ. අපට එදා ආරම්භයේ සිටම නිවැරදි මඟ පෙන්වීමක් ලැබුණු බවයි මා මෙහි දී සිහිපත් කළේ.

කඩුවෙල මහ නගර සභාවේ කාර්යයන් පමණක් නොවයි, ප්රදේශයේ ජීවත්වන ජනතාවගේ නිර්මාණයන්ට ද මෙම පත්තරය විවෘතයි. ඒ නිසා මම හිතනවා ‘මෙමගින් පත්තරයකට වඩා වැඩි දෙයක් සිදුවෙයි’ කියා. මෙමගින් ‘කඩුවෙල මිනිස්සු එකට එකතු වෙයි. තම තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගනියි. ඒ තුළින් අලුතින් අවස්ථා නිර්මාණය වෙයි’ කියා ද මම විශ්වාස කරනවා.”

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රීවරු වන ප්රදීප් උදුගොඩ, ප්රේමනාත් සී දොලවත්ත, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්, කඩුවෙල නාගරික කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2021.03.15

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*