Previous Story
“කර්මාන්ත 2022 : සමාප්ති සටහන”…
Posted On 07 Feb 2022
Comment: 0
කර්මාන්ත ක්ෂේත්රයේ මෙතෙක් පැවති කර්මාන්තකරුවන් අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වීම යන ගැටළුවට ද යම් විසදුම් සහිතව, “මෙරට වත්මන් කර්මාන්තකරණයේ පින්තූරය සියලු පාර්ශ්වයන්ට නිවැරදිව පිළිබිඹු කිරීමේ ඉලක්කය” ජය ගනිමින් ද කර්මාන්තකරුවන්ට දෙස් විදෙස් ආයෝජන අවස්ථා සහ නව වෙළෙඳපොළ අවකාශයන් නිර්මාණය කර දීම යන ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයක මූලික අරමුණ සාක්ෂාත් කර දෙමින් ද 2022 පෙබරවාරි 3, 4, 5, 6 යන දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවති “කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය” සමාප්තියට පත්විය.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ දැක්මෙන්, රටට පණ දෙන කර්මාන්ත පුනරුදයකට මංපෙත් සලසන තවත් ඉදිරිගාමී පියවරක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ මෙම “කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට” මෙරට සුළු, මධ්‍ය හා මහා පරිමාණ කර්මාන්තකරුවෝ 400කට අධික පිරිසක් එක්ව සිටියහ. ප්‍රදර්ශනය හා සම්බන්ධ වෙමින් ඉහත කී ජයග්‍රහණ අත්කරදීමට දායකත්වය දුන් එම කර්මාන්තකරුවන් සියලුදෙනාට කෘතවේදීත්වය පළ කිරීමේ විශේෂ හමුවක් ද කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහි දැක්වෙන්නේ එම කෘතවේදීත්වය පළ කිරීමේ අවස්ථාවෙන් අනතුරුව ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට විශේෂ ආරාධිතයෙකු ලෙස එක් වූ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද සමඟින් කර්මාන්තකරුවන් අගයමින් ඔවුන් සමග සංවාදගතවෙමින්, ඔවුන්ට දිරි දෙන මෙරට කර්මාන්ත පුනරුදයේ නියමුවාය…