BREAKING NEWS

කර්මාන්ත පිළිබඳ උපදේශක සභා 12ක සභාපතිවරුන් සහ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය ඇමති විමල් විරවංශයන්ගේ සුරතින්…

දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමේ සහ ප්රවර්ධනය කිරීමේ අරමුණින් මෙරට ප්රධාන කර්මාන්ත ක්ෂේත්ර සියල්ල ආවරණය වන පරිදි කැබිනට් අනුමැතිය ද සහිතව උපදේශක සභා 20ක් පිහිටුවීමට කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා මේ වනවිට පියවර ගෙන තිබේ.

දිගු කලක් තිස්සේ කර්මාන්ත අමාත්යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඇතුළු අනිකුත් අදාළ රාජ්ය ආයතන සහ කර්මාන්ත ක්ෂේත්රයේ නියෝජිතයන් අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම, කර්මාන්ත ක්ෂේත්රයට අදාළ ප්රතිපත්ති සම්පාදනය සහ ඒවා ක්රියාත්මක කිරීමේ ක්රියාවලියේ දී ගැටලු සහ අනවශ්ය ප්රමාදයන් ඇතිවීමට හේතු වී ඇති බව පෙනී ගිය නිසා අදාළ පාර්ශ්වයන් අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරීමට මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව ප්රධාන කර්මාන්ත ක්ෂේත්රයන් 20ක් සඳහා එම ක්ෂේත්රයන්හි වාණිජ මණ්ඩල, සම්මේලන, විශ්වවිද්යාල හා පර්යේෂණ ආයතන සහ අදාළ කර්මාන්ත ක්ෂේත්රයන්හි විශේෂඥයන්ගෙන් සමන්විත උපදේශක සභා පිහිටුවීම කර්මාන්ත අමාත්යාංශය මේ වනවිටත් අරඹා ඇත.

ඇසුරුම් හා ආශ්රිත කර්මාන්ත, සැකසුම් ආහාර, සහල් හා ආශ්රිත කර්මාන්ත, කුළුබඩු හා ආශ්රිත කර්මාන්ත, කොහු හා කෙඳි ආශ්රිත කර්මාන්ත, තේ,අගය එකතු කළ තේ, පාන වර්ග ආශ්රිත කර්මාන්ත, පාවහන්, සම්, සම් නිෂ්පාදන හා ආශ්රිත කර්මාන්ත, රබර්, ප්ලාස්ටික් හා ආශ්රිත කර්මාන්ත, ලෝහ ඩයි හා අච්චු, යන්ත්රෝපකරණ උපාංග හා ආශ්රිත කර්මාන්ත, දැව, දැව ආශ්රිත කර්මාන්ත හා ගෘහ භාණ්ඩ කර්මාන්ත, මෝටර් රථ එකලස් කිරීම, මෝටර් රථ උපාංග හා ආශ්රිත කර්මාන්ත, විදුලි,ඉලෙක්ට්රොනික් උපාංග ආශ්රිත කර්මාන්ත, බටහිර සහ දේශීය ඖෂධ හා ආශ්රිත කර්මාන්ත, ග්රැනයිට්, ටයිල්, මැටි, පිඟන් මැටි හා ගොඩනැගිලි ද්රව්ය ආශ්රිත කර්මාන්ත, බෝට්ටු සහ උපාංග හා ධීවර ආම්පන්න ආශ්රිත කර්මාන්ත, තීන්ත, රසායනික ද්රව්ය, මුද්රණ ද්රව්ය හා ආශ්රිත කර්මාන්ත, රූපලාවණ්ය ආලේපන හා ආශ්රිත කර්මාන්ත, ස්වර්ණාභරණ, මැණික් හා ආශ්රිත කර්මාන්ත, කිරි හා ආශ්රිත කර්මාන්ත, ඛනිජ ද්රව්ය හා ආශ්රිත කර්මාන්ත, ඇඟලුම්, රෙදිපිළි හා ආශ්රිත කර්මාන්ත යන ප්රධාන කර්මාන්ත ක්ෂේත්ර 20ට අදාළව මෙසේ උපදේශක සභා පිහිටුවා දේශීය කර්මාන්ත සවිබල ගැන්වීමට නියමිතය.

එකී කර්මාන්ත පිළිබඳ උපදේශක සභා 20න් ඇසුරුම් හා ආශ්රිත කර්මාන්ත, සැකසුම් ආහාර හා සහල් හා ආශ්රිත කර්මාන්ත, කුළුබඩු හා ආශ්රිත කර්මාන්ත, කොහු හා කෙඳි ආශ්රිත කර්මාන්ත, තේ , අගය එකතු කළ තේ , පාන වර්ග හා ආශ්රිත කර්මාන්ත, විදුලි , ඉලෙක්ට්රොනික් උපාංග ආශ්රිත කර්මාන්ත, බටහිර හා දේශීය ඖෂධ හා ආශ්රිත කර්මාන්ත, දැව , දැව ආශ්රිත කර්මාන්ත හා ගෘහ භාණ්ඩ කර්මාන්ත, පාවහන්, සම්, සම් නිෂ්පාදන හා ආශ්රිත කර්මාන්ත, ග්රැනයිට් , ටයිල් , මැටි , පිගන් මැටි හා ගොඩනැගිලි ද්රව්ය ආශ්රිත කර්මාන්ත, රූපලාවණ්ය ආලේපන හා ආශ්රිත කර්මාන්ත, බෝට්ටු සහ උපාංග හා ධීවර ආම්පන්න ආශ්රිත කර්මාන්ත යන කර්මාන්ත ක්ෂේත්ර 12ට අයත් උපදේශක සභාවන්හි සභාපතිවරුන් සහ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්රදානය අද(08) සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ පිහිටි ලෝටස් ශාලාවේදී පැවැත්විණි.

මෙම කටයුත්තට ප්රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා සහභාගි වූ අතර මෙහිදී උපදේශක සභාවල සභාපතිවරු හා සෙසු සාමාජිකයෝ 204 දෙනෙකු අමාත්යවරයාගේ සුරතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් විශ්රාමික ජෙනරාල් දයා රත්නායක මහතා ඇතුළු අමාත්යාංශයේ අතිරේක ලේකම්වරු එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය,
2022.02.08
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*