BREAKING NEWS

UNIDO කලාපිය නියෝජිතවරයා සහ කර්මාන්ත ඇමති අතර හමුවක්…!

UNIDO කලාපිය නියෝජිතවරයා සහ කර්මාන්ත ඇමති අතර හමුවක්…!

එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) දකුණු ආසියානු කලාපිය නියෝජිත වෑන් බර්කල් (Van Berkel) මහතා ඇතුළු පිරිසක් අද (23) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවූහ.

ඉදිරි වසර 05 සදහා එම ආයතනය මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළ මෙහිදී දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් සාකච්ජාවට බදුන්විය. එම සාකච්ජාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අමාත්‍ය උපදේශක සුදේෂ් නන්දසිරි යන මහත්වරු ද සහභාගී වූහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*