BREAKING NEWS

හෝමාගම රෝහල් සමස්ත කාර්යමණ්ඩලයට පුද්ගල ආරක්ෂණ උපකරණ ලබා දීමට ඇමති විමල් මැදිහත් වෙයි

“කොවිඩ් ප්‍රතිකාර ඒකකයක්” ස්ථාපිත කර ඇති හෝමාගම රෝහලේ සමස්ත කාර්යමණ්ඩලයට අවශ්‍ය පුද්ගල ආරක්ෂණ උපකරණ (PPE) ලබා දීමට ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු කර තිබේ.

රෝහල් බලධාරීන්ගේ ඉල්ලීම අනුව මෙම කටයුත්තට මැදිහත් වූ වීරවංශ අමාත්‍යවරයා ඇක්සස් ඉන්ජිනියරින් සමාගමේ අනුග්‍රහය ලබා ගෙන අද (17) දින ඉහත පුද්ගල ආරක්ෂණ උපකරණ තොගය රෝහල් කාර්යමණ්ඩලය වෙත ලබා දුන්නේය.

විමල් වීරවංශ මහතා වෙනුවෙන් මෙම උපකරණ කට්ටල 300 හෝමාගම රෝහලේ වෛද්‍ය අධිකාරී ජනිත් හෙට්ටිආරච්චි මහතා වෙත බාර දෙනු ලැබුවේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රුවන් ප්‍රබෝධ පීරිස් මහතා විසිනි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2020/04/17

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*