BREAKING NEWS

උද්දිකගේ ජයග්‍රහණය සහතික කිරීමට අනුරාධපුර වෘත්තිකයෝ සහ ව්‍යාපාරික ප්‍රජාව එක් වෙති.!

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පොහොට්ටුව ලකුණෙන් අංක 03න් අනුරාධපුර දිස්ත්‍රික්කයට මෙවර මහ මැතිවරණයට තරඟ කරන අපේක්ෂක ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස අනුරාධපුර දිස්ත්‍රික් වෘත්තීයවේදීන්ගේ සංගම් හා ව්‍යාපාරික සංගම් ගණනාවක් එක්ව ඊයේ (26) සවස අනුරාධපුර ආලකමන්දා හෝටලයේ දී සුහද හමුවක් කැඳවා තිබිණි.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා එක්ව සිටි අතර ඔහු එහි දී ආරාධිත දේශනයක් ද සිදු කළේය.

එහිදී විමල් වීරවංශ මහතා සදහන් කළේ තමන් රට වෙනුවෙන් සිදු කරන සේවය රජරට වෙනුවෙන් ඉටු කරලීමට තම නියෝජිතයා ලෙස උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවෙහි සිටිය යුතුම අයකු බව ය.

මෙහි දී අනුරාධපුර එක්සත් වෙළඳ සංගමය නියෝජනය කරමින් එහි සභාපති සරත් මුණසිංහ , උතුරු මැද පළාත් වාණිජ මණ්ඩල අධ්‍යක්ෂ ජනරාල් පී.බී. දිසානායක යන මහත්වරු ද අදහස් දැක්වූහ. ඔවුන් පෙන්වා දුන්නේ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ මහතා කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් වෙනුවෙන් ගෙවී ගිය කෙටි කාලය තුළ සුවිශේෂ මෙහෙවරක් ඉටු කර ඇති බවත් ඉදිරියේ දී ඔහු එම වගකීම දරමින් රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කරන බවත් ය. එනිසා රජරට කර්මාන්ත ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කිරීම සඳහා උද්දික ප්‍රේමරත්න වැනි ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ සෞභාග්‍යයේ දැක්ම අනුව කටයුතු කිරීමට සමත් නායකයකු පාලිමේන්තු යැවීම අද දවසේ රජරට ජනතාවගේ වගකීමක්ව පවතින බව ය.

මෙම අවස්ථාවට ජානිපෙ අනුරාධපුර දිස්ත්‍රික් නායක සාගර මහතා ද එක්ව සිටියේය.

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2020.06.27

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*