Previous Story
මාතර ජනතාවට නිරෝෂන්ගෙන් එකුන් විසි ප්‍රතිඥාවක් !
Posted On 03 Jul 2020
Comment: 0
මාතර බෝ සමිඳුන් සෙවණේ මහා සංඝරත්නය අභිමුඛව ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන්, පොහොට්ටුවෙන් තරඟවදින “මාතර දිස්ත්රික්කයේ විමල්ගේ මනාප අංකය 09 : නිරෝෂන් ප්රේමරත්න” මහතා ‘එකුන් විසි ප්රතිඥාව’ කියවා එහි අන්තර්ගත කරුණු අගෝස්තු 5 වැනිදා ලබන විජයග්රහණයෙන් පසුව තම ප්රතිපත්ති බවට පත් කර ගන්නා බවට සපථ කර සිටියේය.
මෙම අවස්ථාවට ප්රධාන ආරාධිතයා ලෙස ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, ජානිපෙ නායක, අමාත්ය විමල් වීරවංශ මහතා එක්ව සිටියේය. මහා සංඝරත්නය නිරෝෂන් ප්රේමරත්න මහතාට සෙත් පිරිත් සජ්ඤායනා කර විජයග්රහණය සඳහා ආශීර්වාද කිරීම ද මෙහි දී සිදු විය.