BREAKING NEWS

කර්මාන්ත පුනරුදයට ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව යමින් ‘පස් අවුරුදු සැලැස්මක්’

‘සෞභාග්යයේ දැක්ම’ ප්රතිපත්ති ප්රකාශනයේ අරමුණු සාක්ෂාත් කර ගනිමින් මෙරට කර්මාන්ත ක්ෂේත්රයේ පුනරුදයක් ඇති කිරීම පිණිස ඉදිරි වසර 05 සඳහා සැලැස්මක් සකස් කිරීමට අදාළ ප්රථම සාකච්ඡාව කර්මාන්ත කැබිනට් අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්යාංශ ශ්රවණාගාරයේ දී අද (26) උදෑසන පැවැත්විණි.

මෙම සාකච්ඡාවට බතික්, අත්යන්ත්ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන ආශ්රිත කර්මාන්ත රාජ්ය අමාත්ය දයාසිරි ජයසේකර, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්රාමීය කර්මාන්ත ප්රවර්ධන රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර, කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, කර්මාන්ත අමාත්ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරු සහ කර්මාන්ත කැබිනට් අමාත්යාංශයට අයත් රාජ්ය අමාත්යාංශ තුනෙහි ලේකම්වරු, අමාත්යාංශය යටතේ පවතින රාජ්ය ආයතන හා රාජ්ය සමාගම් 24 හි සභාපතිවරු හා අධ්යක්ෂ ජනරාල්වරු ඇතුළු ආයතන ප්රධානීහු ද එක්ව සිටියහ.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය,
2020.08.26
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*