ඉහළ පෙළේ චීන දූත පිරිස – අගමැති හමුවට ඇමති විමල් එක් වෙයි…
හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිස අද 2020.10.09 දින අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමු වීමේ අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ඒක්ව සිටියේය.
ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයේ නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වේ.
කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය කිරීම යන ක්ෂේත්රයන්හි ශ්‍රී ලංකා – චීන සහයෝගිතාවය තවත් ශක්තිමත් කිරීම උදෙසා මෙම හමුව පැවැත්විණි.
මෙම අවස්ථාවට අමාත්‍යවරු වන දිනේෂ් ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාචාර්ය ජී.එල්. පීරිස්, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහත්ම මහත්මීන් ඇතුළු චීන දූත පිරිස එක්ව සිටියහ.