BREAKING NEWS

NEDA හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් !

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර අද (24) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනුලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී වියශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන සභාව (IlVCC) නියෝජනය කරමින් පැමිණි ශිෂ්‍ය නව නිපැයුම්කරුවන් මෙහිදී අමාත්‍යවරයා ඉදිරියේ සිය ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ නිපැයුම් ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු විය.

ඔටිසම් දරුවන් වෙනුවෙන් නිපදවූ ‘හැරි පොටර්’ හිස්වැසුම, දියවැඩියා රෝගී පරික්ෂාව වෙනුවෙන් නිපදවූ මෘදුකාංග යෙදුම, කෙසෙල් ඇතුළු පලතුරු කෘතිමව ඉදවා ඇත්දැයි පරීක්ෂා කර බැලීමේ මෘදුකාංග යෙදුම (Carbide Detector) හා වකුගඩු රෝගය වැළැක්විය හැකි ජල පෙරනය ආදී සම්මානයට පාත්‍ර වූ නිර්මාණ ද ඒ අතර විය.

මීට අමතරව එම විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ව්‍යසායකත්ව සංවර්ධන ඒකකය (Entrepreneur Club) විසින් තෝරා ගනු ලැබූ හොඳම ශිෂ්‍ය ව්‍යවසායකයෝ දසදෙනා ද මෙහි දී සිය ව්‍යාපෘති ඉදිරිපත් කළහ.

එම අවස්ථාවට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපති මහාචාර්ය පද්මලාල් මානගේ, ආචාර්ය ලංකා උදුගොඩ යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන
කර්මාන්ත හා සැපයුම් කළමණාකරන අමාත්‍යාංශය
2020-01-24

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*