BREAKING NEWS

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක් කොන්දේසියක් වූ පමණින් මහ බැංකුව ශ්‍රී ලංකා රාජ්‍යයෙන් ස්වාධීන කළ නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පා.ම. විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අද (18) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්ය.

මහ බැංකුව ස්වාධීන කිරීමේ පනතට අභියෝග කරමින් ශ්‍රේෂ්ථාධිකරණය ගියේ තමන් ඇතුළු කණ්ඩායමක් පමණක් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.