BREAKING NEWS

SLITA ආයතනයේ ‘දොරමඬල’ ශිෂ්‍ය සාහිත්‍ය උළෙලට ඇමති විමල් එක්වෙයි!

ශ්රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ (SLITA ) ඉගෙනුම ලබන ශිෂ්ය ශිෂ්යාවන්ගේ ශිෂ්ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ‘දොරමඩල’ ශිෂ්ය සාහිත්ය උළෙලට ප්රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා සහභාගී විය.

අද (22) රත්මලාන කඳවල පිහිටි SLITA ආයතන පරිශ්රයේ මෙම සාහිත්ය උළෙල පැවැත්විණි. ආරාධිතයෝ ශිෂ්ය සාහිත්ය උළෙලේ දෙවන භාගය වූ විචාරාත්මක ගීත සැන්දෑවට ඇරයුම් ලැබූ අතර ‘ නව ලිබරල් ආර්ථිකය හා කලාව’ යන මැයෙන් වූ ආරාධිත දේශනයට ද විමල් වීරවංශ අමාත්යවරයාට ඇරයුම් කර තිබිණි. සාහිත්ය තරඟාවලියේ ත්යාග ප්රදානයට ද අමාත්යවරයා එක්විය.

බතික්, අත්යන්ත්ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්ය අමාත්ය දයාසිරි ජයසේකර, ජාතික මෝස්තර මධ්යස්ථානයේ සභාපති අජිත් ජයවර්ධන, ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සරත් ප්රනාන්දු, අධ්යක්ෂ මණ්ඩල සාමාජික, නාගරික මන්ත්රී සුරේෂ් ඉන්දික, ආචාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
  1. අයුබොවන්
    පවුල්පාලනය බිදදමා නව මහජන පාලනයකට අඩිතාලම දමන්න ඔබ හා එක්වන්න තීරනය කර සිටින්නෙමි.අදින් ආරම්බවන අලුත්ගමන අවසන්වන්නේ ඔබව ජනාදිපති ලෙස මීලග චන්දෙන් පත්කොට බව තරයේ මතක තබාගන්න .
    ආයුබෝවන් .
    නලින් ප්‍රනාන්දු
    0774200217

Leave a Reply

*