BREAKING NEWS

SMIDEX 2019 ජාතික සම්මාන උළෙල

SMIDEX 2019 ජාතික සම්මාන උළෙල

කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාශය යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), දේශීය කර්මාන්තකරුන් දිරිගැන්වීමේ අරමුණින් දීප ව්‍යාප්තව පවත්වන ලද තරගාවලියේ ජයග්‍රාහකයන් අගයමින් සංවිධානය කල ”SMIDEX 2019 ජාතික සම්මාන උළෙල” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ ගරු අමාත්‍ය විමල් විරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(20) සවස බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව (BMICH) ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

වාර්ෂිකව පවත්වමින් ආ මෙම සම්මාන උළෙල පසුගිය වසර 4 තුල නොපවත්වා ඇති පසුබිමක ගරු ඇමතිවරයාගේ විශේෂ අවධානය එයට යොමුවීමෙන් පසු දේශීය කර්මාන්තරුවන් ඇගයීමේ ඇති වැදගත්කම පිළිබද සළකා මෙවර එය පැවැත්වීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී, එමෙන්ම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට වසර 50ක් සපීරීමත් මෙම සම්මාන උළෙල පැවැත්වීමට විශේෂ හේතුවක් විය. කර්මාන්ත ක්ෂේත්‍ර 16ක් යටතේ මෙහිදී ප්ලැටිනම් සම්මාන 2ක් ඇතුළුව රන්,රිදී,ලෝකඩ සම්මාන ප්‍රධානය සිදුකෙරිණි. නව නිර්මාණ කාණ්ඩය යටතේ සම්මාන ලද පාසල් සිසුන් ඇතුළු අනෙකුත් නව නිර්මාණ ශිල්පීන් ගරු ඇමතිතුමාගේ විශේෂ ප්‍රසාදයට ලක්විය.

මෙම අවස්ථාවට කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යශයේ ලේකම්තුමා, රාජ්‍ය අමාත්‍යශයේ ලේකම්තුමා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්තුමා, රාජ්‍ය අමාත්‍යශයේ ලේකම්තුමිය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය ප්‍රධාන නිලධාරින් සහ දේශීය ව්‍යවසායකයින් රැසක්ද සහභාගි විය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*