“USAID නිරුවත් වානරයාගේ කථා වස්තුව” සාර්ථකව පවත්වයි !
“USAID නිරුවත් වානරයාගේ කථා වස්තුව” නමින් ‘ජාතික අධ්‍යයන කේන්ද්‍රය’ විසින් සංවිධානය කළ බුද්ධිමය සම්මන්ත්‍රණය අද (19) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විය. සියළු අනන්‍ය හර පද්ධතීන්ට එරෙහිව දියත් කළ අමෙරිකානු ගැඹුරු රාජ්‍ය ප්‍රහාරයේ සත්‍ය කථාව ලෙස එම බුද්ධිමය සම්මන්ත්‍රණය නම්කර තිබුණි.
එහි ප්‍රධාන දේශනය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් සිදුකල අතර ආරාධිත දේශනය මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා විසින් සිදුකරන ලදි.ජාතික අධ්‍යයන කේන්ද්‍රයේ කැඳවුම්කරු වින්දන විදුරකුමාර, ජාතික අධ්‍යයන කේන්ද්‍රයේ විධායක සභික මාධ්‍යවේදී කසුන් විජේසේකර යන මහත්වරුන්ද මෙහිදි කෙටි අදහස් දැක්වීම් සිදුකරණ ලදි.