BREAKING NEWS

“ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර කාර්මික අංශයේ සහයෝගිතාව තවදුරටත් වර්ධනය කරගැනීමට මෙම හමුව වේදිකාවක් වනු ඇත” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ඉන්දුනීසියාව සහ ශ්රී ලංකාව අතර නොබිඳෙන, ශක්තිමත් සබඳතාවක් පවතින බවත් දෙරටේ කර්මාන්ත අමාත්යවරුන්ගේ හමුව කාර්මික අංශයේ සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට වේදිකාවක් වනු ඇති බවත් අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (10) ඉන්දුනීසියානු කර්මාන්ත අමාත්යාංශයේ දී එරට කර්මාන්ත අමාත්ය ආගස් ගුමිවැන්ග් කර්තසස්මිතා මහතා සමග පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී වීරවංශ අමාත්යවරයා මෙසේ පැවසීය. මෙම සාකච්ඡාව ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවැනි ආසියා පැසිපික් කලාපීය සමුළුවට සමගාමීව පැවැත්විණි.

එහිදී ඉන්දුනීසියානු කර්මාන්ත අමාත්යවරයා සඳහන් කළේ දෙරට අතර පවතින ශක්තිමත් සබඳතාව දේශපාලන – සමාජ – ආර්ථික – සංස්කෘතික යන සෑම අංශයක් කරාම රැගෙන යෑමට අවශ්ය පියවර ගන්නා බව ය. 2022 වසර සඳහා ජී -20 හි සභාපතිත්වය දරන ඉන්දුනීසියාව, අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල සහයෝගය බලාපොරොත්තු වන බව පැවසූ ඉන්දුනීසියානු කර්මාන්ත අමාත්යවරයා, සංවර්ධනය වෙමින් පවතින රටවල් තම ජාතික අනන්යතා රැක ගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම කෙරෙහි මෙහිදි අවධානය යොමුකරන බව ද සඳහන් කළේය. එය අනුමත කරමින් වීරවංශ අමාත්යවරයා පෙන්වා දුන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සුපිරි බලවතුන්ගේ ගොදුරු බවට පත් නොවෙමින් සියලුදෙනා එක්සත්ව කටයුතු කිරීම ද වැදගත් වනු ඇති බව ය.

කලාපයේ නව තරුණ පරපුර කාර්මික අංශයට ආකර්ෂණය කරගැනීමේ අවශ්යතාව අවධාරණය කළ වීරවංශ අමාත්යවරයා, ඉන්දුනීසියාව ඒ සඳහා භාවිතා කරන උපායමාර්ග පිළිබඳව විමසා සිටියේය. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ පාසල් මට්ටමේ සිට කාර්මික අංශයට අදාළ දැනුම හා පුහුණුව ලබාදීම මෙන්ම එම අංශයේ ව්යාපාර අරඹන තරුණ පිරිස්වලට කාර්මික උපකරණ මිලදී ගැනීමේදී 40% දක්වා වට්ටම් ලබා දීම වැනි කටයුතු ඒ සඳහා ක්රියාත්මක වන බව ය.

ශ්රී ලංකාව මෙරට නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්ය අමුද්රව්ය රැසක් ඉන්දුනීසියාවෙන් ලබා ගන්නා බවත් ශ්රී ලාංකිකයන් විශාල පිරිසක් ඉන්දුනීසියාව සමඟ ව්යාපාරවල නිරත වන බවත් මෙහිදී සිහිපත් කළ විමල් වීරවංශ මහතා, 2022 වසරේ ශ්රී ලංකාවේ පැවැත්වෙන කාර්මික ප්රදර්ශනයේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වන ලෙසට ආගස් ගුමිවැන්ග් කර්තසස්මිතා මහතාට ඇරයුම් කිරීමට ද කටයුතු කළේය.

මෙහිදී අමාත්යවරුන් අතර සුහදත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. මෙම සාකච්ඡාවට ශ්රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්යාංශයේ අතිරේක ලේකම් (ප්රතිපත්ති සංවර්ධන) මහේෂ් අබේසේකර, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ඉන්දුනීසියාවේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ ප්රථම ලේකම් දිලිනි ජයවර්ධන යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය,
2021.11.11
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*