Previous Story
කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ කර්මාන්තකරුවන්ගේ ගැටළු සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද විශේෂ සාකච්ජාවක්…
Posted On 15 Dec 2021
Comment: 0
කර්මාන්ත අමාත්යාංශයට අයත් කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ සිය කර්මාන්ත පවත්වාගෙන යන කර්මාන්තකරුවන් සහ කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා අතර විශේෂ සාකච්ජාවක් ඊයේ (14) කුරුවිටදී පැවැත්විණි.
කර්මාන්තපුරයේ සහ කර්මාන්තකරුවන්ගේ ගැටළු, ඉදිරි වැඩපිළිවෙළ පිළිබදව මෙහිදී සාකච්ජා විය. කර්මාන්තකරුවන්ගේ ගැටළු කිහිපයකටම ඒ මොහොතේදීම පිළිතුරු ලබාදීමට මෙහිදී හැකියාව ලැබිණි. කර්මාන්ත වඩා ඵලදායි ලෙස පවත්වාගෙන යෑමට ඉදිරියේදීත් කර්මාන්ත අමාත්යාංශය වශයෙන් ලබාදිය යුතු සහයෝගය ලබාදීමට තමන් සුදානම් බව අමාත්යවරයා පිරිස අමතමින් කියා සිටියේය.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාංශයේ ලේකම්, විශ්රාමික ජනරාල් දයා රත්නායක, කර්මාන්ත සංවර්ධන අධ්යක්ෂ වින්දික පියරත්න, රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දීපාල් ගුණසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය,
2021-12-15