BREAKING NEWS

“රාගා : කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක්” ජනගත වේ! නවීනතම තාක්ෂණයෙන් යුත් කර්මාන්ත ශාලාව විවෘත කිරීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ සුරතින්…

මෙරට කිතුල් ආශ්රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මග පාදමින් අපනයනය ඉලක්ක කරගත් “රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්රිත නිෂ්පාදන පෙළක් අද(14) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් ජනගත කිරීමට ඇග්රි දේශීය පෞද්ගලික සමාගම කටයුතු යොදා තිබිණි.

කර්මාන්ත අමාත්යාංශයට අයත් කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ, කිතුල් ආශ්රිත නිෂ්පාදන නිපදවීම වෙනුවෙන් ඇග්රි දේශීය පෞද්ගලික සමාගම ඉදිකළ නවීනතම තාක්ෂණයෙන් යුත් කර්මාන්ත ශාලාව විමල් වීරවංශ මහතාගේ සුරතින් විවෘත කිරීමෙන් අනතුරුව මෙම කිතුල් රා ඇතුළු නිෂ්පාදන පෙළ ජනගත කිරීම සිදුවිය.

මෙම අවස්ථාවට රාජ්ය අමාත්ය අරුන්දික ප්රනාන්දු, ඇග්රි දේශීය පෞද්ගලික සමාගමේ සභාපති ප්රභාත් ද අල්විස් යන මහත්වරු ද එක්ව සිටියහ.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය,
2021-12-14
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*