BREAKING NEWS

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමිපාණන්ගේ සුවදුක් විමසමින්…

විමල් වීරවංශයන් ගල්කිස්ස ධර්මපාලාරාමයට පැමිණ අමරපුර නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා බැලීය. එහි දී විමල් වීරවංශ මහතා ඇමතූ මහනාහිමිපාණෝ රට නිවැරදි මාවතේ රැගෙන යාම වෙනුවෙන් සිදු කරන කැපවීම ඉදිරියට ද සිදුකරගෙන යාමට ධෛර්ය, ශක්තිය පතමින් ආශිර්වාද කරන බව පැවසූහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*