BREAKING NEWS

අද දින අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනය විවෘත කර නැවත කොළඹ බලා පැමිණෙන අතර දඹදෙනියේ පිහිටි මෙම ආදර්ශවත් දේශීය ආහාර අලෙවිසැල මාගේ විශේෂ අවධානයට යොමු විය.

නොම්බර 273, අතුරුවෙල, දඹදෙණිය යන ස්ථානයේ පිහිටි “තුන්හෙළ රසහල” නම් දේශිය ආහාර අලෙවිසැල විශේෂ වන්නේ දේශීය සහල් වර්ග, දේශිය රසකැවිලි, දේශීය තේ වර්ග, දේශීය ඖෂධීය පානයන්ගෙන් සහ පළතුරු ආශ්‍රිත නිෂ්පාදන වලින් සමන්විත ආදර්ශවත් අළෙවිසැලක් වීම නිසායි. මෙම “තුන්හෙළ රසහල” අලෙවිසැලේ මීලඟ අරමුණ දිවයින පුරා ඔවුන්ගේ අලෙවිසැල් ජාලය ව්‍යාප්ත කිරීමයි.

දේශීය ව්‍යාවසායකයන් වශයෙන් ඔවුන්ගේ අලෙවිසැල් ජාලය ව්‍යාප්ත කිරීමේ අභියෝගයට නොබියව මුහුණදීමට සූදානම් ඔවුන්ව උපරිමයෙන් දිරි ගන්වා ඒමටද අපි අමතක නොකළ අතර ඔබෙන්ද ඉල්ලා සිටින්නේ හැකි හැම අවස්ථාවේදීම දේශීය නිෂ්පාදකයා දිරිගැන්විය හැකි මෙවන් ආදර්ශවත් අලෙවිසැල් වලට ගොඩ වී යන ලෙසයි.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*