BREAKING NEWS

අද ව්‍යවසායකයාට ජයග්‍රාහී හෙට දිනයක්… අපනයන අභිමුඛ ව්‍යවසායකයන් උදෙසා දැනුවත් කිරීමේ වැඩමුළුවක්

අපනයන අභිමුඛ ව්‍යවසායකයන් හා අපනයන ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ‍ප්‍රකාශනයේ සඳහන් පරිදි අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් අද(13) දින කොළඹ 07, මළලසේකර මාවත, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන ශ්‍රවණාගාරයේ දී විශේෂ වැඩමුළුවක් පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන හා කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ‍ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ව්‍යසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට සහභාගි විය.

අපනයන අභිමුඛ ව්‍යසායකයන් දිරිගැන්වීම පිණිස සම්පත්දායකයන් ලෙස Lulu Group International, Maersk Lanka Pvt Ltd ආයතනය, අපනයන සංවර්ධන මණ්ඩලය, ලංකා රේගුව, ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව සිටියේය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*