— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
BREAKING NEWS
Mariobet ile kazanmaya hazır olun 💸 ile oyun keyfi şimdi daha güçlü
1xbet كيفية تحميل وكيفية اجتياز الحظر بسهولة وأمان
Oppaasi Suomen Parhaille Nettikasinoille
“Internet Casinos Online Legais Em Portugal As Grandes Escolhas
Hogyan Használd a Mostbet No Deposit Bónuszkódot az Azonnali Nyereményekért
Olymp On Line Casino Bangladesh: Premium Slots For Every Player
“fairspin Kriptokaszinó 2025 Szerezz 450% + 140 Ingyenes Pörgetést
“twoje Ulubione Kasyno On The Internet W Polsce
“spinbetter Kod Promocyjny 2025 ️ Rzeczywiste Kody Bonusowe
Най Добрите Онлайн Казина В Европа Чужди Казино Сайтове
අපයෝජනයේ ගොදුර සහ දේශපාලන අපයෝජනය..!
Posted On
27 Apr 2020
By :
WW Media
Comment: 0
පසුගිය දිනවල කුඩා දැරියක් වැඩිහිටි පුද්ගලයකු විසින් අපයෝජනයට ලක් කරන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විණි. ඒ පිළිබඳ ව බෙහෙවින් සංවේදී වූ රාජ්‍ය නොවන සංවිධානයන්හි (NGO) “මානව හිතවාදී” නෝනා මහත්තුරු හා ජවිපෙ, පෙරටුගාමී පරපුට්ටන් එම සහගහන අපරාධය පිළිබඳ වගකීම පැවරුවේ ආණ්ඩුවට ය. “ප්‍රියාන් මැණික් ” යනුවෙන් තමන් හදුන්වා ගන්නා පුද්ගලයකු එම අපරාධයේ වගඋත්තරකරුවා බවට පත් කර (අදාළ වීඩියෝවේ දැරියගේ රුව පැහැදිලිව දැක ගැනීමට හැකි වුවත් අපරාධකරුගේ
පෙනෙන්නට තිබුණේ ඔහුගේ රහස්‍ය ප්‍රදේශය පමණි. එවන් තත්ත්වයක් යටතේ අපරාධය කළේ අහවලා යැයි කෙනෙකුට කිව හැක්කේ වීඩියෝ පටයේ පෙනෙන පිරිමි රහස්‍ය ප්‍රදේශය අහවලාගේ රහස්‍ය ප්‍රදේශයට සමාන යැයි සැක හැර කිව හැකි අයකුට පමණි) ඔහු හා රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර පැවැතියේ යැයි කියන සබදතා පෙන්වා ඒ හේතුව මත අදාළ අපරාධය කළ “ප්‍රියාන් මැණික්” ව අත් අඩංගුවට නොගන්නා බව සමාජයට ඒත්තු ගැන්වීම ඔවුන්ගේ උවමනාව වී තිබුණි.
එහෙත් දැන් අදාළ අපරාධයේ සැබෑ වගඋත්තරකරුවා රහස් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ. ඔහු වීඩියෝ පටයේ සිටින දැරියගේ නෑදෑයකු වන 36 හැවිරිදි පුද්ගලයකු වේ. මෙකී පාපතරයා දැන් සිටින්නේ අධිකරණ නියෝගය පරිදි රිමාන්ඩ් බන්ධනාගාර ගත කොටය.
සත්‍යය එසේ දිග හැරෙද්දී මෙම සංවේදී සිදුවීම “ප්‍රියාන් මැණික් ” හරහා ආණ්ඩුවේ ගිණුමට බැර කරමින් සිටි ඉහත කී NGO නෝනා මහත්තුරු හා ජවිපෙ, පෙරටුගාමී “වම්මු” දැන් සිටින්නේ කිසිත් නොදන්නා තොත්ත බබුන් සේ නිහඬව ය. ඔවුනට උවමනා වූයේ එකී අපරාධයට ගොදුරු වූ දියණියට සාධාරණය ඉටු කිරීමට නොව ඒ මගින් තමන්ගේ නොසන්සිදෙන දේශපාලන දොලදුක සන්සිදුවා ගැනීමට ය. නියම අපරාධකරු උසාවියට ගෙන එන මොහොතේ “වොයිස් කට්” දීමටවත් ඒ නෝනා මහත්තුරු හා NGO වම්මු උසාවිය පැත්ත පළාතේවත් දක්නට නොවුයේ නියම අපරාධකරු රාජපක්ෂලාට සබදතා පැවැතියේ යැයි කියන “ප්‍රියාන් මැණික් ” නොවුණු බැවිනි.
මෙම සිදුවීමේදී මෙකී කල්ලි හැසිරුණු ආකාරයත් කොරෝනා වසංගතය හමුවේ ඔවුන් හැසිරෙන ආකාරයේත් වෙනසක් නොවේ. ‘කොරෝනා වෛරසය ගෝඨාභයගේ නිමැවුමක්’ යැයි තව ටික දිනකදී මොවුන් කියා සිටියහොත් කිසිවකු ඊට පුදුම විය යුතු නොවේ .
සමාජ ප්‍රශ්න නැමැති කුණු වල සිය ජීවන පැවැත්මේ පාරාදීසය බවට පත් කරගෙන සිටින මෙම පරපෝෂිතයන් සිටින තාක් කල් රටක් හමුවේ වන පොදු සමාජ හා වෙනත් අභියෝග ජය ගැනීම පහසු නැත. රට හා සමාජය ඉදිරියට ගෙන යාමට නම් මේ පරපුටුවන් ප්‍රමාණවත් කාලයක් සමාජ-දේශපාලන නිරෝධායනයට ලක් කිරීම අත්‍යවශ්‍ය වන්නේය.
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
Previous Story
Previous Post
Next Story
‘කොවිඩ්-19’ මඩින සටනට එක්ව සිටින කර්මාන්තකරුවන්ට සහ නව නිපැයුම්කරුවන්ට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අතහිත
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.