BREAKING NEWS

අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ මැදිහත්වීමෙන් හෝමාගම – වෑතර දිස්ත්‍රික් රෝහලට අත්‍යවශ්‍යව තිබූ රෙදි සෝදන යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කෙරේ..

හෝමාගම-වෑතර දිස්ත්‍රික් රෝහලට රෙදි සෝදන යන්ත්‍ර දෙකක ඇති අවශ්‍යතාව පිළිබඳ ඊයේ (01) සිදු කරන ලද ඉල්ලිමට ප්‍රතිචාර දක්වමින් අද (02) උදෑසන අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ පූර්ණ උපදෙස් පරිදි හෝමාගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති රුවන් ප්‍රබෝධ පීරිස් මහතා සහ ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මියගේ මැදිහත්වීමෙන් ගොඩගම ව්‍යාපාරික සිසිර සපුතන්ත්‍රි මහතාගේ මූල්‍ය පරිත්‍යාගයෙන් එම රෙදි සෝදන යන්ත්‍ර වෑතර රෝහලට ලබා දී තිබේ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*