BREAKING NEWS

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “කෑගල්ල සම්ප්‍රාප්තිය” – දෙසැම්බර් 11, සවස 2.00 ට

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීම මේ මොහොතේ අත්හළ නොහැකි වගකීමකි. එම ජන පෙළගැස්ම සඳහා උත්තර ලංකා සභාගය දීපව්‍යාප්ත මෙහෙයුමක් දියත් කර තිබේ. එම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” නමින් 2022 ඔක්තෝබර් මස 15 වැනිදා ඇරඹුණු අතර එහි “කෑගල්ල සම්ප්‍රාප්තිය” 2022 දෙසැම්බර් 11 වැනි ඉරිදා සවස 2:00 ට රුවන්වැල්ල ඇන්.ඇම් පෙරේරා අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ.

මෙම “කෑගල්ල සම්ප්‍රාප්තියට” උත්තර ලංකා සභාගයේ නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් එහි සභාපති විමල් වීරවංශ, ජාතික සංවිධායක වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපතිවරුන් වන උදය ගම්මන්පිල සහ මහාචාර්ය තිස්ස විතාරණ යන හිටපු අමාත්‍යවරුන් ද අනුශාසක පූජ්‍ය අතුරලියේ රතන හිමි, නියෝජ්‍ය ලේකම් ගෙවිඳු කුමාරතුංග, ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා ද එක් වනු ඇත.

About the Author

Leave a Reply

*