Previous Story
ඇමති විමල්ගේ ප්‍රධානත්වයෙන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර කෙරෙහි කොවිඞ් – 19 වෛරසයේ බලපෑම පිළිබඳව සිදු කළ අධ්‍යයනයෙහි වාර්තාව ජනගත කෙරේ
Posted On 07 Jul 2020
Comment: 0
ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර කෙරෙහි කොවිඞ් – 19 වෛරසයේ බලපෑම පිළිබඳව කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර හා ව්යවසාය සංවර්ධන අමාත්යාංශයේ මෙහෙයවීමෙන් සිදුු කළ විද්යාත්මක අධ්යයනයෙහි වාර්තාව අද (06) දින කොළඹ ශ්රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයෙහි කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර හා ව්යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් පැවති වැඩමුළුවේ දී ජනගත කෙfරිණි.
මෙම අධ්යයන වාර්තාව සැකසීම සඳහා කොළඹ විශ්වවිද්යාලයේ මහාචාර්ය එස්. පී. ප්රේමරත්න, සබරගමුව විශ්වවිද්යාලයේ මහාචාර්ය එච්. එම්. එස් ප්රියනාත්, පේරාදෙණිය විශ්වවිද්යාලයේ මහාචාර්ය එස්. එස්. කොඩිතුවක්කු යන මහත්වරුන් දායකත්වය සපයා ඇති අතර අධ්යයනය සිදු කර ඇත්තේ පාස් ඒෂියා උපදේශන ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය සමන්ත පතිරත්න මහතා ඇතුළු එම ආයතනය විසිනි.
ඉහත වැඩමුළුවේ දී අධ්යයන වාර්තාව ඉදිරිපත් කිරීම කුඩා මධ්ය පරිමාණ ව්යාපාර හා ව්යවසාය සංවර්ධන අමාත්යාංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා විසින් සිදු කරන ලදී. පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීම ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා සිදු කළේය. ප්රධාන දේශනය විෂය භාර අමාත්යවරයා ලෙස විමල් වීරවංශ මහතා විසින් සිදු කළ අතර මහ බැංකුව, අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු රාජ්ය ආයතනවල නිලධාරීන්, සහභාගී වු ව්යවසායකයන්ගේ ගැටලුවලට පිළිතුරු සැපයීම ද මෙහි දී සිදු විය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර, ව්යවසාය සංවර්ධන සහ
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්යතුමාගේ
මාධ්ය ලේකම්,
2020.07.06
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/82095972_2947276132056854_1074176964307382846_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/106004643_2947275825390218_4471860692185069880_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/106111832_2947275152056952_8333108441958082671_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/106174713_2947276198723514_8879182145123124413_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/106211243_2947275158723618_722812589348545762_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/106260026_2947276005390200_8243765966811566333_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/106296874_2947275972056870_7145016655241892082_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/106316747_2947276192056848_5756743169588360081_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/106335193_2947276265390174_3163489426191223305_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/106411588_2947275322056935_618338615900868017_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/106418584_2947275802056887_3344229752632029462_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/106505838_2947275168723617_461279312677075662_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/106540510_2947275468723587_1265895793655865785_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/106983489_2947276348723499_197083640682078972_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/106997060_2947275658723568_3721813717822626027_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/107078685_2947275475390253_3450682445225764060_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/107211991_2947275808723553_5085408876392726306_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/107377664_2947275638723570_2152933830819256674_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/107380424_2947276015390199_6841497727468549134_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/107484625_2947275332056934_5380707431789099281_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/107593485_2947275482056919_5629532481649557668_o.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2020/07/107722207_2947275655390235_2934930903618271371_o.jpg)