BREAKING NEWS

ඇමති විමල්ට කැස්බෑවෙන් උණුසුම් පිළිගැනීමක්

ඇමති විමල්ට කැස්බෑවෙන් උණුසුම් පිළිගැනීමක

කර්මාන්ත කැබිනට් අමාත්‍ය ධුරයෙන් පිදුම් ලද ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා පිළිගැනීම පිණිස ඊයේ (30) ‍කැස්බෑව ආසනය පුරා පිළිගැනීම් රැසක් සංවිධානය කොට තිබිණි.

මෙම පිළිගැනීම් සඳහා ජානිපෙ කැස්බෑව ආසන සංවිධායක, නාගරික මන්ත්‍රී අතුල සේනානායක, නාගරික මන්ත්‍රී රංජිත් පත්මසිරි, බොරලැස්ගමුව නාගරික මන්ත්‍රී ජගත් කිත්සිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

තුන්බෝවිල, කරදියාන, දැල්තර, දම්පේ, වෑවල, පොල්හේන, ජඹුරලිය, බටුවන්දර, නිවුන්ගම, කැස්බෑව, හොරේතුඩුව, කොළමුන්න, පැලැන්වත්ත, මාවිත්තර, පලිගෙදර, නිවන්තිඩිය යන ස්ථානවල දී මෙම පිළිගැනීම් පැවැත්විණි.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*